News Line| Off Air
Generic placeholder image

Aug
24

BBC ය අසාම් අමීන්ට මාධ්‍ය සාකච්ඡා වාරණය කළ හේතුව මෙන්න.

1309 Views


BBC ය අසාම් අමීන්ට මාධ්‍ය සාකච්ඡා වාරණය කළ හේතුව මෙන්න.

ලංකාවේ ජනප්‍රියම මාධ්‍යවේදියෙක් තමයි අසාම් අමීන්. මාධ්‍ය සාකච්ඡා වලදී දේශපාලඥයන්ට කටඋත්තර නැති වෙන්න ප්‍රශ්න අහන්න ඔහු දක්ෂයි. ඒ වගේම සමාජ ජාල වල ජනප්‍රියම මාධ්‍යවේදියාට හිමි සම්මානයත් ඔහුට හිමි වුණා.

හැබැයි හිටි හැටියේම BBC ය ඔහුට දේශපාලන සම්මුඛ සාකච්ඡා සහ මාධ්‍ය සාකච්ඡා වාරණයක් දාලා තියෙනවා. ඒ කතාවේ ඇත්ත නැත්ත දන ගන්න අපි අසාම්ට කතා කරා. ඔහු කිව්වේ BBC ය ලංකාවේ වැඩසටහන් අන්තර්ගතය වෙනස් කරන නිසා මාධ්‍ය සාකච්ඡා වලට සහභාගී වීම අවම කරන්න තීරණය ගත්තා කියලා. එහෙම නැතුව කිසිම වාරණයක් පනවලා නෑ කියලයි අසාම් කිව්වේ.

මීට කලින් BBC ආයතනය ලංකාවේ ප්‍රවෘත්ති වලට මුල් තැන දීලා තිබුණේ. හැබැයි ඉදිරියේදී විශේෂාංග වැඩසහන් වල මුල්තැන දෙන්න තීරණය කරලා තියෙනවා. ඒ නිසා දේශපාලන සම්මුඛ සාකච්ඡා සහ මාධ්‍ය සාකච්ඡා වලට සහභාගී වීමෙන් වැඩක් නෑ කියලයි අසාම් සියත 24 වෙත කිව්වේ.

කොහොම වුනත් දිගටම ශ්‍රී ලංකාවේ දේශපාලඥයින් සහ පුවත්වලට පාදක වෙන අය සමඟ සම්මුඛ සාකච්ඡා කරනවා කියලා BBC ය ට්විට්ටේර් සටහනක් මඟින් නිවේදනය කරලා තියෙනවා.


News Articles
Latest Videos
Most Popular Post