News Line| Off Air
Generic placeholder image

Aug
25

අද ලග්න 2 කට ව්‍යාපාර කටයුතු සාර්ථක වෙන දවසක්. ඔබේ ලග්නයට කොහොමද කියල මෙතනින් බලන්න.

748 Views


අද ලග්න 2 කට ව්‍යාපාර කටයුතු සාර්ථක වෙන දවසක්. ඔබේ ලග්නයට කොහොමද කියල මෙතනින් බලන්න.

අද 2018 අගෝස්තු  මස 25 වන සෙනසුරාදා
රාහු කාලය: දිවා කාලය සඳහා පෙරවරු  9.8 සිට පෙරේවරු  10.48 දක්වා, රාත්‍රී කාලය සඳහා රාහු කාලය සවස 9.16 සිට සවස 10.44 දක්වා 
සුභ දිශාව: දකුණ  
අසුභ දිශාව: නැගෙනහිර  

මේෂ ලග්නය

ජයග්‍රහණ ධන ලාබ  ලැබිය හැකි දවසක් . අසල්වාසීන් සමග සහයෝගයෙන් වැඩකටයුතු කරන දවසක් විදියට අද දවස හඳුන්වන්න පුළුවන් . අධ්‍යාපන වැඩ කටයුතු වලටද යෝග්‍ය දිනයකි. නිසි තීරණ ගැනීමටද වග බලගතු යුතු දිනයකි. තැනට සුදුසු නුවනින් යුතුව කටයුතු කිරීමට වග බලාගන්න.
ජය වර්ණය – රෝස පැහැය                                             ජය අංකය – 05

වෘෂභ ලග්නය

තනි මතයට වැඩ කෙරීම අවාසි සහගත බැවින් අන් අයගේ මතයට ඇහුන්කම් දෙන්න . එබැවින් කරනා වැඩ කටයුතු වලදී වඩාත් කල්පනාකාරී විය යුතු දිනයකි. මත ගැටුම් හා මතභේද වලින් තොරව කටයුතු කිරීමට වග බලාගන්න. දෙමව්පියන්ට හා තමන්ගේ සමීපතමයින්ට වඩාත් ගෞරවයෙන් සලකන්න.
ජය වර්ණය – ක්‍රීම් පැහැය                                                            ජය අංකය – 04

මිථුන ලග්නය

ඔබ ගෙදරදොරට අවශ්‍ය භාණ්ඩ නිෂ්පාදනය කරන්නේ නම් ගොඩනැගිලි ද්‍රව්‍ය අලවි කරන්නේ නම් ඔබට වඩාත් සුබදවසක්. ඒවගේම ඔබ  ඉවසීමෙන් යුතුව, තැනට සුදුසු නුවන යොදාගනිමින්, අන් අයගේ මෙන්ම විශේෂයෙන්ම වැඩිහිටයන්ගේ උපදෙස් මත ක්‍රියා කිරීම වඩාත් වැදගත් වන දිනයක්.
ජය වර්ණය – ලා කොළ පැහැය                                                         ජය අංකය – 04

කටක ලග්නය

ඔබේ වචනය පවා බලවත් වන දිනයකි. හවුල් ව්‍යාපාර කටයුතු වලටද වඩාත් සුභ දිනයක් වන අත්ඝර විදෙස් රැකියා වලටද යහපත් දිනයකි. නමුත් ඉතාම ප්‍රවේසමෙන් යුතුව කටයුතු කළයුතු දිනයකි. ඉවසීමෙන් යුතුව මෙන්ම ප්‍රවේසමෙන් හා නිසි සැලසුම් සහිතව කටයුතු කරන්න. ආගමානුකුලව දිනය ගත කරන්න. දිනය වඩාත් යහපත් වේවි.
ජය වර්ණය – රෝස පැහැය                                                ජය අංකය – 06

සිංහ ලග්නය

අද දවස ඉතා  සුබයි. රහස් සතුරු බලවේග යටපත් කරගෙන කටයුතු කළහැකි දිනයකි. අන් යට සංවේදීව කටයුතු කිරීමට සිතට ගන්න. ගමන් බිමන් වැඩිවිය හැකි දිනයකි. ඔබ අනිවාර්යයෙන්ම වැඩිහිටි උපදෙස් පිළිපැදිය යුතු දිනයකි.
ජය වර්ණය – තැඹිලි පැහැය                                                  ජය අංකය – 06 

කන්‍යා ලග්නය

ආදායම් තත්වය නම් සුභ දිනයකි. නිවසේදී මෙන්ම සමාජ ඇසුරේදී පවා දුරදක්නා නුවණින් යුතුව හා ඉවසීමෙන් කටයුතු කළයුතු දිනයකි. ඉවසිලිවන්තව කටයුතු කරන්න. ආවේගශීලී නොවන්න. එබැවින්  වැඩිහිටි උපදෙස් අනුව නිහතමානිව වැඩ කටයුතු කිරීමට යොමු විය යුතු දිනයකි.
ජය වර්ණය – ලා රතු පැහැය                                                 ජය අංකය – 02

තුලා ලග්නය

ඔබේ බලය අන් අය අතර තහවුරු කරගත හැකි දිනයකි. යම් වෙනසක් සහිතව, නව සැලසුම් සහිතව දිනය ගත කරයි. අධ්‍යාපන වැඩ කටයුතු වලට යහපත් දිනයකි. ඉවසීමෙන් යුතුව, සිත පාලනයකින් දිනය ගත කරන්න. තැනට සුදුසු නුවනින් යුතුව කටයුතු කරන්න. වැඩිහිටි උපදෙස් අනුව සිහිබුද්ධියෙන් කටයුතු කරන්න.
ජය වර්ණය – කොළ පැහැය                                                    ජය අංකය – 05

වෘශ්චික ලග්නය

 

ආදරය, ගෞරවය, නොමද ආදරය ලැබෙන දවසක් . ඔබට අදදවස සුබයි. කෝපයෙන් යුතුව කටයුතු නොකරන්න. ඔබේ කීර්ති නාමයට කැළලක් නොවන අයුරින් කටයුතු කිරීමට වග බලාගත යුතු දිනයකි. ආමාශගත රෝග කෙරෙහි වැඩි සැලකිල්ලක් දැක්විය යුතු දිනයකි. දෙවරක් සිතා බලා කතා කරන්න. දිනය වඩාත් යහපත් වේවි.
ජය වර්ණය – රෝස පැහැය                                               ජය අංකය – 03

ධනු ලග්නය

කල්පනාකාරී වන්න. එමෙන්ම ඉවසිල්ලෙන් යුතුව කටයුතු කරන්න. ආදායම් තත්වය නම් යහපත් වන දිනයකි. නව අදහස් උදහස් අනුව කටයුතු කළහැකි දිනයකි. සතුරු බලවේග ඉවතලා වැඩිහිටි උපදෙස් මත ඉවසීමෙන් හා සැලසුම් සහිතව වැඩ කටයුතු ආරම්භ කරන්න.
ජය වර්ණය – ලා නිල්  පැහැය                                             ජය අංකය – 03

මකර ලග්නය

සාද වලට ආරාධනා ලැබෙන දවසක්. අද දවස ඔබට වඩාත් සුබ දවසක්. ඔබ අන් අය අතර කැපී පෙනෙන දිනයකි. නොසැලී කටයුතු කළහැකි දිනයකි. ව්‍යාපාර කටයුතු වලටද යහපත් දිනයකි. සියලු අභියෝග හමුවේ ඔබට වෙනදාටත් වඩා සාර්ථක විය හැකි දිනයකි. අනිවාර්යයෙන්ම යම් තරමක බලාපොරොත්තු ඉටුවන දිනයකි.
ජය වර්ණය – සුදු  පැහැය                                                          ජය අංකය – 09

කුම්භ ලග්නය

කාර්යබහුල වන දිනයක් විය හැකිය. එමෙන්ම විදෙස් ගමන් බලාපොරොත්තුවෙන් සිටි ඔබේ බලාපොරොත්තු ඉටුවන දිනයකි. වෘත්තිමය වශයෙන් යම් යම් වෙනස්කම් ඇතිවිය හැකි දිනයකි. ඔබේ කාරුණික බව හා දෙමව්පියන්ගේ ආශිර්වාදය තුල දිනය වඩාත් යහපත් කරගැනීමේ හැකියාව පවතින දිනයකි.
ජය වර්ණය – විසිතුරු  පැහැය                                                        ජය අංකය – 09

මීන ලග්නය

ඔබට අද දවස සුබයි. එමෙන්ම අන් අය ඔබෙන් උපදෙස් පතා එන දිනයකි සැලකිල්ලෙන් කටයුතු කරන්න . සමාජ සේවා කටයුතු වලට වැඩි නැඹුරුවක් පෙන්වන දිනයකි. නමුත් වියදම් ගැන නම් සැළකිලිමත් විය යුතු දිනයකි. වැඩිහිටි උපදෙස් අනුව දුරදක්නා නුවණින් යුතුව කල්පනාකාරීව දිනය ගත කිරීම වඩාත් යහපත්. ආගමානුකුලව දිනය ආරම්භ කරන්න.
ජය වර්ණය – රෝස පැහැය                                                   ජය අංකය – 06
ප්‍රවීණ ජ්‍යෝතිෂවේදී වයි. එම්. කේ. යාපා බණ්ඩාර 
දුරකථන: 0777 44 86 44


News Articles
Latest Videos
Most Popular Post