එංගලන්තය සමඟ ඉන්දියානු කණ්ඩායමේ සිව්වැනි ටෙස්‌ට් ක්‍රිකට් තරඟය ලබන 30 වැනිදා සවුත්හැම්ටන් හීදී ආරම්භ වනවා. මේ සඳහා වයස අවුරුදු 18 ක කණිෂ්ඨ ක්‍රීඩකයකු කැඳවීමට ඉන්දියානු ක්‍රිකට් ආයතනය තීරණය කරල තියෙනවා.
ආරම්භක පිතිකරුවකු වන වන ප්‍රිතිව් ෂෝ තවමත් පාසල් ශිෂ්‍යයෙක්. ප්‍රිතිව් ෂෝ කැඳවල තියෙන්නේ මුරලි විඡේ වෙනුවට. ප්‍රිතිව් ෂෝ පළමු පෙළ තරඟ 14 කදී ශතක 7ක් සහ අර්ධ ශතක පහක් සමඟ මුළු ලකුණු 1418 ක් ලබාගෙන තියෙනවා. එහි සාමාන්‍ය 56.72 ක් වෙනවා. ඔහු ඉන්දියානු “ඒ” කණ්‌ඩායම නියෝජනය කරමින්ද විශේෂ දක්‍ෂතා දැක්‌වීම හේතුවෙන් තමයි මේ විදිහට ඉන්දියානු ටෙස්‌ට් සංචිතයට කැඳවල තියෙන්නේ.
මීට අමතරව තුන් ඉරියව් ක්‍රීඩකයකු සහ දක්‍ෂ පිතිකරුවකු වන 24 හැවිරිදි හනුමා විහාරිවද කණ්‌ඩායමට කැඳවල තියෙනවා. ඔහු පළමු පෙළ තරඟ 63 කදී ශතක 15 ක් සහ අර්ධ ශතක 24 ක් සමඟ ඉනිමක සාමාන්‍යය 59.79 ක් සටහන් කර ගත් පිතිකරුවෙක්.