News Line| Off Air
Generic placeholder image

Aug
27

අද එක ලග්නයකට රැකියා සහ ව්‍යාපාර කටයුතු වල අසුභ දවසක්. ඔබේ ලග්නයට කොහොමද කියල මෙතනින් බලන්න.

700 Views


අද එක ලග්නයකට රැකියා සහ ව්‍යාපාර කටයුතු වල අසුභ දවසක්. ඔබේ ලග්නයට කොහොමද කියල මෙතනින් බලන්න.

අද 2018 අගෝස්තු  27 වන සඳුදා
රාහු කාලය: දිවා කාලය උදෑසන 7.36 සිට 9.08 දක්වා, රාත්‍රී කාලය සඳහා රාහු කාලය රාත්‍රී 7.48සිට 9.16 දක්වා 
මරු සිටින: දිශාව වයඹ  
සුබ දිසාව: නැගෙනහිර

මේෂ ලග්නය

ඔබ සිතන බොහෝදෙ සාර්ථක වන දවසක්  . ඔබ ගැන අන් අය අතර යහපත් සිතුවිලි ඇතිවන දිනයකි. වෘත්තිමය වෙනස් වීම් සිදුවන දිනයකි.  ධනය මෙන්ම බලයද ලබාගත හැකි දිනයකි. ආගමානුකුලව දිනය ආරම්භ කරන්න.
ජය වර්ණය – ලා කහ පැහැය                                                    ජය අංකය –  03

වෘෂභ ලග්නය

තරමක සැහැල්ලු මානසිකත්වයකින් කටයුතු කළහැකි දිනයකි.  සිතෙහි සතුට වර්ධනය වන දිනයකි. නිසි සැලසුම් සහිතව වැඩ කටයුතු ආරම්භ කිරීම හා  කල්පනාකාරී වීම ඔබට යහපත් ප්‍රතිඵල ගෙන දෙවි. ආගමානුකුලව දිනය ආරම්භ කරන්න.
ජය වර්ණය – ලා දම් පැහැය                                                ජය අංකය – 01 

මිථුන ලග්නය

පීඩාකාරී මානසික තත්වයන් ඇතිවිය හැකි දිනයක්  .කොන්ද හා තුනටිය ආශ්‍රිතව ඔබට බොහෝ බාධා ඇතිවිය හැකි දිනයකි. කායික හා මානසික පීඩාකාරී තත්වයන් ඇතිවිය හැක . රැකියා හා ව්‍යාපාර කටයුතු වල යහපත් වෙනසක් අපේක්ෂා කළනමුත් ඊට සුබ දිනයක්නම් නොවේ . ආගමානුකුලව දිනය ආරම්භ කරන්න.
ජය වර්ණය – ලා තැඹිලි පැහැය                                                    ජය අංකය – 06

කටක ලග්නය

කලා කටයුතු වලටද යෝග්‍ය දිනයකි. සමාජයේ වැඩි ගෞරවයද නිමදව ලැබෙන දිනයකි. වඩාත් කල්පනාකාරීව තීන්දු තීරණ ගැනීමට යොමු විය යුතු දිනයකි. සමාජ පිළිගැනීම් නොමදව ලැබෙන දිනයක් වන අතර හවුල් ව්‍යාපාර කටයුතු වලටද සුභ දිනයකි. ආගමානුකුලව මෙන්ම ප්‍රවේසමෙන් කටයුතු කරන්න.
ජය වර්ණය – විසිතුරු පැහැය                                                           ජය අංකය – 06

සිංහ ලග්නය

ඔබේ සෞඛ්‍ය ගැන නම් වෙනදට වඩා වැඩි අවධානයක් යොමු කළයුතු දිනයකි. ඔබගේ උසස්වීම් ඉතාම යහපත් මට්ටමෙන් උදාකරගන්න පුළුවන් දවසක් . ආගමනුකුලව දිනය ආරම්භ කරන්න. වැඩිහිටි උපදෙස් මත කටයුතු කරන්න.
ජය වර්ණය – ලා දම් පැහැය                                         ජය අංකය – 03

කන්‍යා ලග්නය

සමාජ සේවා කටයුතුවලා ඔබට සුබ දවසක් ලෙස අද දවස හඳුන්වන්න පුළුවන්. ඒ වගේම ඔබ අත ගහන ගහන වැඩ සාර්ථක වෙන දවසක් අද දවස ඔබ රැකියාවේ වෙනසක් ඒවගේම උසස් වීමක් බලාපොරොත්තු උනානම් එකට හොඳම දවස තමයි අද දවස. අගමනුකුලව දවස ආරම්බ කරන්න.
ජය වර්ණය – ලා කොළ පැහැය                                       ජය අංකය – 09

තුලා ලග්නය

කායික මානසික පීඩාකාරී තත්වයන් ඇතිවිය හැකි දවසක් ඔබ බලාපොරොත්තු වන අයගෙන් ඔබට උදවු නොලැබෙන්න පුළුවන්. එමෙන්ම කල්පනාකාරී වන්න. නමුත් ඔබ ප්‍රවේසම් වීම වැදගත් වන දිනයකි. නිසි සැලසුම් සහිතව කටයුතු කරන්න.
ජය වර්ණය – රන්වන් පැහැය                                      ජය අංකය – 06

වෘශ්චික ලග්නය

 

ප්‍රේමනීය කටයුතු වලට ඉතා සාර්ථක දවසක්. එමනිසා ඒ සඳහා කාලය වෙනකල හැක. ඒ වගේම හවුල් ව්‍යාපාර කටයුතු වලින් වැසි සහගත තත්වයන් ඇතිවිය හැක .කලා කටයුතු වලට මෙන්ම අධ්‍යාපන වැඩ කටයුතු වලටද වඩාත් යෝග්‍ය දිනයකි. වියදම් පිළිබඳව වඩාත් සැළකිලිමත් වන්න. ආගමානුකුලව දිනය ආරම්භ කරන්න.
ජය වර්ණය – විසිතුරු  පැහැය                                             ජය අංකය – 09

ධනු ලග්නය

අදායම් තත්වය වැඩි කරගන්න පුළුවන් . ඔබේ වචන භාවිතයේදී සැළකිලිමත් වන්න. වඩාත් ඉවසිල්ලෙන් හා කල්පනාවෙන් කටයුතු කරන්න. නිසි සැලසුම් සහිතව දිනය ආරම්භ කරන්න. කෝපය නම් අනිවාර්යයෙන්ම පාලනය කරගත යුතු දිනයකි. අන් අයගේ වචනයටද ඇහුන්කම් දිය යුතු දිනයකි. ආගමනුකුලව දිනය ආරම්භ කරන්න.
ජය වර්ණය – ලා දම් පැහැය                                                  ජය අංකය – 04

මකර ලග්නය

පස්සට දාපු වැඩ ආරම්භ කරන්න අන් අයගේ උපකාර ලබන්න හොඳ දවසක් . ඔබේ පරිපාලන හැකියාව නම් ඉහල මට්ටමක පවතින දිනයකි. අදහස් යටපත් කරගන්නා දිනයක් විය හැකිය. නිසි සැලසුම් සහිතව  වැඩ කටයුතු ආරම්භ කරන්න. ආගමනුකුලව දිනය ආරම්භ කිරීම ඔබට වඩාත් යහපත්.
ජය වර්ණය – විසිතුරු  පැහැය                                 ජය අංකය – 09

කුම්භ ලග්නය

ආගමික භක්තිය වැඩිවන දවසක්. කාන්තාවන් සමග කරන වැඩ වලින් ප්‍රවේශම් වෙන්න ඕනේ . නමුත් චිත්ත පීඩා මෙන්ම කායික පීඩාකාරී තත්වයන්ද ඇතිවිය හැකි දිනයකි. වියදම් තත්වයද ඉහල යා හැකි දිනයකි. කෙසේවුවත් නිසි සැලසුම් සහිතව වැඩ කටයුතු කරගෙන යෑමට වග බලාගන්න. ආගමානුකුලව දිනය ආරම්භ කරන්න.
ජය වර්ණය – ලා නිල් පැහැය                                                ජය අංකය – 08

මීන ලග්නය

දවස සාර්ථකයි . ඔබට සාර්ථකත්වයක් ලබාගත හැකි ඔබ බලාපොරොත්තු වූ වැඩ කටයුතු බොහොමයක් සාර්ථක කරගත හැකි දිනයකි. සමාජ ගෞරවය නොමදව ලැබෙන දිනයකි. කල්පනාකාරීව ඔබේ වැඩ කටයුතු කරගෙන යන්න.
ජය වර්ණය – ලා දම්  පැහැය                                           ජය අංකය – 06
ප්‍රවීණ ජ්‍යෙතිෂවේදී කැලුම් ගුණතිලක 
දුරකථන: 076 67 65 353


News Articles
Latest Videos
Most Popular Post