News Line| Off Air
Generic placeholder image

Aug
26

ඇමෙරිකාවේ සුපිරි යුධ නැවක් සෙබළු 900 ක් එක්ක ත්‍රිකුණාමලයට එයි.

673 Views


ඇමෙරිකාවේ සුපිරි යුධ නැවක් සෙබළු 900 ක් එක්ක ත්‍රිකුණාමලයට එයි.

ලංකාව කියන්නේ ඉන්දියන් සාගරයේ කේන්ද්‍රස්ථානය. ඒ නිසාම අතීතයේ ඉඳන් විදේශිකයන් ලංකාවට කුරුමානම් අල්ලමින් හිටියේ. විශේෂයෙන්ම ත්‍රිකුණාමලය සහ හම්බන්තොට වරායන් ලෝක යුද්ධයකදී ප්‍රභල මරමස්ථානයක් වෙනවා.

පහුගිය දවසක ලංකාවට ආව ජපන් ආරක්ෂක ඇමති ඒ වරායන් දෙකම නිරීක්ෂණය කරා. ඔහු ගිහින් හුස්මක් ගන්නවත් ලැබුණේ නෑ ඇමෙරිකාවේ නාවික හමුදාවේ යුද නැවක් ත්‍රිකුණාමලය වරායට ඇවිල්ලා තියෙනවා.

නිකන්ම නෙවෙයි මැරින් බළකා භටයන් 900ක් හා නිලධාරීන් 33 ක් එක්ක. මේ නෞකාවේ නම “ඇන්නෝරජ්”. මේ යුධ නැව මීටර් 208 ක් දිගයි. හෙලිකොප්ටර් යානා ගොඩබාන්න පුළුවන් අංගන 2 ක් මේ නැවේ තියෙනවා. ඒ වගේම ප්‍රහාරක හෙලිකොප්ටර් යානා හයකින් ඇන්නෝරජ් නැව සමන්විතයි.

අගෝස්තු 28 දක්වා නෞකාව ලංකාවේ නැංගුරම් දාන්න නියමිතයි.


News Articles
Latest Videos
Most Popular Post