News Line| Off Air| Games
Generic placeholder image

Aug
26

ජනපති, අගමැති ඇතුළු සියළු රාජ්‍ය සේවකයින්ට පළමු පංතියේ ගුවන් ගමන් තහනම් කරයි.

544 Views


ජනපති, අගමැති ඇතුළු සියළු රාජ්‍ය සේවකයින්ට පළමු පංතියේ ගුවන් ගමන් තහනම් කරයි.

ජනාධිපති, අගමැති, මැතිඇමතිවරුන්ට වගේම ඉහළ රාජ්‍ය සේවකයින්ට තියෙන වරප්‍රසාදයක් තමයි පළමු පංතියේ ගුවන් ගමන්. හැබැයි ජනාධිපතිතුමා සාමාන්‍ය මඟී පන්තියේ ගිහිල්ලා ලෝකයට ලොකු ආදර්ශයක් දුන්නා.

දැන් පාකිස්තානයේ නව අගමැතිත් ඒ ආදර්ශයම ලෝකෙට දෙන්න යනවා. හැබැයි ඊට වැඩ ටිකක් ලොකු තීරණයක් ඔහු අරගෙන තියෙනවා. ඒ පාකිස්තානයේ ජනාධිපතිවරයා, අගමැතිවරයා ඇතුළු සියළුම රාජ්‍ය නිළධාරීන්ට ගුවන් ගමන්වල යෙදීමේදී රජයේ මුදලින් පළමු පන්තයේ ගමන් කිරීමද තහනම් කරලා.

පසුගියදා පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඉම්රාන් ඛාන් මේ බව කියා සිටියා. රජයේ නායකයන්ට සහ නිලධාරීන්ට තම අභිමතය පරිදි රාජ්‍ය මුදල පරිහරණය කිරීම තහනම් කිරීමට කටයුතු කරනවා කියලයි ඔහු කියන්නේ.

ඉම්රාන් ඛාන්ගේ මේ තීරණය නිසා රටට විශාල ධනයක් ඉතිරි කර ගන්න පුළුවන් වෙලා තියෙනවා.


News Articles
Latest Videos
Most Popular Post