News Line| Off Air
Generic placeholder image

Aug
27

ඉන්දියාව පරදා කැරම් ලෝක කුසලානය ශ්‍රී ලංකාවට. කාන්තා කණ්ඩායම ලෝක අනුශූරයන් වෙයි.

636 Views


ඉන්දියාව පරදා කැරම් ලෝක කුසලානය ශ්‍රී ලංකාවට. කාන්තා කණ්ඩායම ලෝක අනුශූරයන් වෙයි.

කැරම් කියන්නේ ලංකාවට අලුත් ක්‍රීඩාවක් නෙවෙයි. මළ ගෙදරක වුනත්, දානෙ ගෙදර වුනත්, හන්දියේ කඩපිලේ වුනත්, ත්‍රීවිල් පාක් එකේ වුනත් කැරම් බෝඩ් එකක් වරදින්නේ නෑ.

7 වෙනි කැරම් ලෝක කුසලානය දිනා ගන්න ශ්‍රී ලංකාව සමත් වුණා. ඒ ප්‍රබහල ඉන්දියාව පරද්දලා. 2 – 1 ක් විදියට තමයි අවසන් මහා තරඟයෙන් ශ්‍රී ලංකාව ජයග්‍රණය කරේ. ඒ වගේම කාන්තා කැරම් ලෝක කුසලානයේ අනුශූරතාවය දිනා ගන්න ලංකාවේ කැරම් ශූරියන් සමත් වුණා.

මෙවර කැරම් ලෝක කුසලානය පැවැත්වුණේ කොරියාවේදී. රටවල් 23 ක් පරාජය කරලා තමයි ශ්‍රී ලංකාව කරම් ශූරතාවය දිනා ගත්තේ. ඇමෙරිකාව, එංගලන්තය, ජපානය, ඉතාලිය, ඉන්දියාව, ජර්මනිය වගේ ප්‍රභල රටවල් මෙවර කැරම් ලෝක ශූරතාවය වෙනුවෙන් සටන් වැදුණා.

චමිල් කුරේ, නිශාන්ත ප්‍රනාන්දු, මොහොමඩ් ෂහීඩ්, මොහොමඩ් ෂෙරිෆ්දීන් ලෝක ශූර කණ්ඩායම නියෝජනය කරා. ජෝශප් රෝෂිතා, චලනි ලක්මාලි, යශිකා රාහුබද්ද, අරෝෂා වික්‍රමසිංහ අනුශූරතාවය දිනුව කාන්තා කණ්ඩායම නියෝජනය කරා.


News Articles
Latest Videos
Most Popular Post