අර්ජුන රණතුංග කියන්නේ ලංකාවේ ක්‍රිකට් ලෝලීන්ට වීරයෙක්. ඒ ඔහු 96 ලෝක කුසලානය දිනා ගන්න කළ මෙහෙවර නිසා. ක්‍රිකට් වලින් සමුගත්ත අර්ජුන දේශපාලනයට ආවා. ඒ ශ්‍රී ලංකා ක්‍රිකට් ගොඩගන්න කියලා.
මුලින්ම ශ්‍රී ලංකා නිදහස් පක්ස්යයේ හිටිය අර්ජුන දැන් ඉන්නේ එක්සත් ජාතික පෙරමුණේ. හැබැයි අර්ජුන ආයෙත් පිල් යනවාදෝ කියලා හැඟෙන ප්‍රකාශයක් කරලා තිබ්බා.
වත්මන් ජනපති – අගමැති යටතේ හෝ වෙනත් දේශපාලන නායකත්වයක් යටතේ වුවද ක්‍රිකට් ක්‍රීඩාව ගොඩනැගීමට තමන් සූදානම් කියලයි ඔහු කියලා තියෙන්නේ. ගම්පහ තිබ්බ උත්සවයකින් පස්සේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කරලා තිබුණා.
ඉදිරි ආණ්ඩුවක් පැමිණි අවස්ථාවක ක්‍රිකට් ක්‍රීඩාව ගොඩනගනවා කියලා එතුමා පැවසුවා. ඒ වගේම තමන් මාස 6 ක් තුළ එම කටයුත්ත සිදු කරන බවද අමාත්‍යවරයා සඳහන් කරා.