News Line| Off Air
Generic placeholder image

Aug
28

ඔබගේ සහකරුට හෝ සහකාරියට සුභ දවසක්. ඔබේ ලග්නයට කොහොමද කියල මෙතනින් බලන්න.

868 Views


ඔබගේ සහකරුට හෝ සහකාරියට සුභ දවසක්. ඔබේ ලග්නයට කොහොමද කියල මෙතනින් බලන්න.

අද 2018 මස අගෝස්තු 28 වන අඟහරුවාදා  
රාහු කාලය: දිවා කාලය උදෑසන 3.16 සිට 4.48 දක්වා, රාත්‍රී කාලය සඳහා රාහු කාලය රාත්‍රී 3.08 සිට 4.36 දක්වා 
සුභ දිශාව: දකුණ    
මරු සිටින දිශාව: උතුරු වයඹ  

මේෂ ලග්නය

ඔබගේ සහ කාරියට හෝ සහ කරුට සුබ දවසක් .ඔබ ගැන අන් අය අතර යහපත් සිතුවිලි ඇතිවන දිනයකි. වෘත්තිමය වෙනස් වීම් සිදුවන දිනයකි.  ධනය මෙන්ම බලයද ලබාගත හැකි දිනයකි. ආගමානුකුලව දිනය ආරම්භ කරන්න.
ජය වර්ණය – රතු පැහැය                                                    ජය අංකය – 03

වෘෂභ ලග්නය

සිතෙහි සතුට වර්ධනය වන දිනයකි. නිසි සැලසුම් සහිතව වැඩ කටයුතු ආරම්භ කිරීම හා  කල්පනාකාරී වීම ඔබට යහපත් ප්‍රතිඵල ගෙන දෙවි. ආගමානුකුලව දිනය ආරම්භ කරන්න.
ජය වර්ණය – ක්‍රීම්  පැහැය                                                ජය අංකය – 02

මිථුන ලග්නය

අධ්‍යානය කටයුතු සර්තකකරගන්නත් ඔබට අද අවස්ථාව හිමිවනවා ඒ වගේම තමයි ඔබ උගත් දෙයින් ඔබ සිතනවාටත් වඩා සාර්ථක ප්‍රතිපල ලබාගත හැකි දවසක් ලෙසත් අද දවස හඳුන්වන්න පුළුවන්  අගමනුකුලව දවස ආරම්භ කරන්න .
ජය වර්ණය – ලා කොළ පැහැය                                                    ජය අංකය – 01

කටක ලග්නය

ගේදොර අලුත් වැඩිය කටයුතු වලටත් සුබ දවසක් . සමාජ පිළිගැනීම් නොමදව ලැබෙන දිනයක් වන අතර හවුල් ව්‍යාපාර කටයුතු වලටද සුභ දිනයකි. ආගමානුකුලව මෙන්ම ප්‍රවේසමෙන් කටයුතු කරන්න.
ජය වර්ණය – සුදු  වර්ණය පැහැය                                                           ජය අංකය – 09

සිංහ ලග්නය

අද දවස සුබයි. ඔබගේ ලග්නයට අනුව කොන්ද තුනටිය මුත්‍රාශය ආශ්‍රිත විටින් විට සුළු සුළු රෝගකාරී තත්ත්වයන් ඇතිවිය හැකි දවසක් ඒවගේම හිතේ ශක්තියෙන් වැඩ කටයුතු කළහැකි දවසක් ලෙස අද දවස පෙන්නුම් කරනවා ඒ වගේම තමයි අගමනුකුලව දවස ආරම්භ කරන්න දවසම සුබයි.
ජය වර්ණය – රන්වන් පැහැය                                         ජය අංකය – 08

කන්‍යා ලග්නය

සමාජ සේවා කටයුතුවලා ඔබට සුබ දවසක් ලෙස අද දවස හඳුන්වන්න පුළුවන්. ඒ වගේම ඔබ අත ගහන ගහන වැඩ සාර්ථක වෙන දවසක් අද දවස. ඔබ රැකියාවේ වෙනසක් ඒවගේම උසස් වීමක් බලාපොරොත්තු උනානම් එකට හොඳම දවස තමයි අද දවස. අගමනුකුලව දවස ආරම්භ කරන්න.
ජය වර්ණය – ලා කොළ පැහැය                                       ජය අංකය – 07

තුලා ලග්නය

කියන කරන දේවල් වලින් අද දවස ඔබට ඉතාම සාර්ථකයි. ඒවගේම තමයි එම දේවල් නිසා අන් අය ඔබව බොහෝ ලෙස පිළිගන්න දවසක් . එමෙන්ම කල්පනාකාරී වන්න. නමුත් ඔබ ප්‍රවේසම් වීම වැදගත් වන දිනයකි. නිසි සැලසුම් සහිතව කටයුතු කරන්න.
ජය වර්ණය – ඇත් දළ පැහැය                                      ජය අංකය – 06

වෘශ්චික ලග්නය

 

අද දවස ඔබට සුළු සුළු ගැටළු කාරී තත්වයන් ඇති උවද ඒවා මැඩ පැවැත්විය හැකි දවසක් ලෙස අද දවස හඳුන්වන්න පුළුවන් .කලා කටයුතු වලට මෙන්ම අධ්‍යාපන වැඩ කටයුතු වලටද  යෝග්‍ය දිනයකි. වියදම් පිළිබඳව වඩාත් සැළකිලිමත් වන්න. ආගමානුකුලව දිනය ආරම්භ කරන්න.
ජය වර්ණය – ලා රෝස පැහැය                                             ජය අංකය – 05

ධනු ලග්නය

වඩාත් ඉවසිල්ලෙන් හා කල්පනාවෙන් කටයුතු කරන්න. නිසි සැලසුම් සහිතව දිනය ආරම්භ කරන්න. කෝපය නම් අනිවාර්යයෙන්ම පාලනය කරගත යුතු දිනයකි. අන් අයගේ වචනයටද ඇහුන්කම් දිය යුතු දිනයකි. ආගමනුකුලව දිනය ආරම්භ කරන්න.
ජය වර්ණය – කහ පැහැය                                                  ජය අංකය – 04

මකර ලග්නය

අලුත් වැඩක්  ආරම්භ කරන්න අන් අයගේ උපකාර ලබන්න හොඳ දවසක් . ඔබේ පරිපාලන හැකියාව නම් ඉහල මට්ටමක පවතින දිනයකි. අදහස් යටපත් කරගන්නා දිනයක් විය හැකිය. නිසි සැලසුම් සහිතව  වැඩ කටයුතු ආරම්භ කරන්න. ආගමනුකුලව දිනය ආරම්භ කිරීම ඔබට වඩාත් යහපත්.
ජය වර්ණය – ලා දම් පැහැය                                 ජය අංකය – 03 

කුම්භ ලග්නය

දවස සුබ දවසක් . පෙර පින ස්මතුවන දවසක්  . වියදම් තත්වයද ඉහල යා හැකි දිනයකි. කෙසේවුවත් නිසි සැලසුම් සහිතව වැඩ කටයුතු කරගෙන යෑමට වග බලාගන්න. ආගමානුකුලව දිනය ආරම්භ කරන්න.
ජය වර්ණය – නිල් පැහැය                                           ජය අංකය – 02

මීන ලග්නය

දු දරුවන්ගේ වැඩකටයුතු වලට වැඩි කාලයක් මිඩංගු කල හැක. ඔබට සාර්ථකත්වයක් ලබාගත හැකි ඔබ බලාපොරොත්තු වූ වැඩ කටයුතු බොහොමයක් සාර්ථක කරගත හැකි දිනයකි. සමාජ ගෞරවය නොමදව ලැබෙන දිනයකි. කල්පනාකාරීව ඔබේ වැඩ කටයුතු කරගෙන යන්න.
ජය වර්ණය – තලෙළු පැහැය                                                ජය අංකය – 01
ප්‍රවීණ ජ්‍යෝතිෂවේදී ලක්ෂ්මන් යූ. ලියනගේ 
දුරකථන: 011 50 10 829


News Articles
Latest Videos
Most Popular Post