News Line| Off Air
Generic placeholder image

Aug
28

ලංකාවට උඩින් යන සූර්යා නිසා රත් වෙන නගර මෙන්න.

795 Views


ලංකාවට උඩින් යන සූර්යා නිසා රත් වෙන නගර මෙන්න.

ලෝකයේ ජීවය රඳා පවතින්නේ සූර්යා නිසා. අවුරුද්දකට දෙපාරක් සූර්යා හරියටම ලංකාව උඩින් ගමන් කරනවා. සූර්යයා දෘශ්‍ය ලෙස උතුරට ගමන් කිරීමේදී අප්‍රේල් මාසයේදී ශ්‍රී ලංකාවට ආසන්න වෙනවා.

දකුණට ගමන් කිරීමේදී අගෝස්තු මාසයේදී ශ්‍රී ලංකාවට ආසන්න අක්ෂාංශවලට ඍජුව ඉහළින් පිහිටනවා. ඒ නිසා අද (28) ඉඳන් සැප්තැම්බර් 7 වනදා දක්වා ශ්‍රී ලංකාවට ඉහළින් සූර්යා මුදුන්ව තියෙනවා. මේ නිසා ලංකාවේ උෂ්ණත්වය වෙනදාට වඩා ඉහළ යනවා.

ඒ අනුව අද දහවල් 12.11 ට යාපනය දිස්ත්‍රික්කයේ කලපූමි, කෝණ්ඩාවිල් සහ නාවක්කාඩු යන ප්‍රදේශවලට ඉතා ආසන්නව හිරු මුදුන් වෙනවා.


News Articles
Latest Videos
Most Popular Post