News Line| Off Air
Generic placeholder image

Aug
29

අද ලග්න 2කට අධ්‍යාපන කටයුතු වලට සුභ දවසක්. ඔබේ ලග්නයට කොහොමද කියල මෙතනින් බලන්න.

772 Views


අද ලග්න 2කට අධ්‍යාපන කටයුතු වලට සුභ දවසක්. ඔබේ ලග්නයට කොහොමද කියල මෙතනින් බලන්න.

අද 2018 අගෝස්තු  මස 29 වන බදාදා
රාහු කාලය: දිවා කාලය සඳහා දහවල් 12.12  සිට 1.44 දක්වාද, රාත්‍රී කාලය සඳහා රාහු කාලය අලුයම 12.12සිට 1.40 දක්වා
සුභ දිශාව: උතුර
මාරු සිටින දිශාව: නිරිත

මේෂ ලග්නය

අද දවස ඔබට සාර්ථක දවසක් කරන වැඩ සාර්ථක වන දවසක්  . රැකියා කටයුතු වලදී මනා කළමනාකරණයකින් මෙන්ම එඩිතරව කටයුතු කළයුතු දිනයකි. නිසි තීරණ මත සාර්ථකව කටයුතු කළහැකි දිනයකි. ආගමනුකුලව දිනය ආරම්භ කරන්න. දෙමාපිය හා  වැඩිහිටි උපදෙස් මත ක්‍රියා කිරීම වඩාත් යහපත් වේවි.
ජය වර්ණය – ලා කහ පැහැය                                             ජය අංකය – 03

වෘෂභ ලග්නය

සමාජය තුල ගෞරවයක් දිනාගත හැකි දවසක් .කතා විලාසය වෙනදට වඩා වෙනස්වන දිනයක් වන අතර කතාව නිසාම අන් අයගේ ආකර්ෂණය ලැබෙන දිනයකි. සුක්ෂම කලා නිර්මාණ වලට ඉතාම සුභ දිනයකි. අන් අයට ආදරයෙන් සළකන දිනයකි. ආත්ම විශ්වාසයෙන් යුතුව ආගමානුකුලව දිනය ආරම්භ කරන්න.
ජය වර්ණය – ලා නිල් පැහැය                                                    ජය අංකය – 06

මිථුන ලග්නය

ආත්මවිශ්වාසය වැඩිවන දවසක් එමෙන්ම කරන වැඩ වලින් සමාජ ගෞරවය වැඩිවෙයි . ඉතාම හොදින් වටහාගත හැකි දිනයකි. අධ්‍යාපන කටයුතු වලටද සුභ දිනයකි. යහපත්ව මෙන්ම අන් අයට ආදර්ශමත්ව ගත කළහැකි දිනයකි. ඉවසීමෙන් මෙන්ම නිහඬව තම වැඩ කටයුතු කිරීමට වග බලාගන්න. කල්පනාවෙන් වැඩ කරන්න. ආගමානුකුලව දිනය ආරම්භ කරන්න.
ජය වර්ණය – දම් පැහැය                                          ජය අංකය – 05

කටක ලග්නය

හවුල් ව්‍යාපාර කටයුතු සඳහා සුබයි පෙර සුදානම ඔබගේ දවස සාර්ථක කරගත හැක  . අතපසු වුනු සියලුම වැඩ කටයුතු මනා විශ්වාසයකින් යුතුව නැවත ආරම්භ කිරීමට යෝග්‍ය දිනයකි. නිවැරදිව හා පිලිවෙලින් තම වැඩ කටයුතු සැලසුම් කරගන්න. ඉවසීමෙන් යුතුව කටයුතු කරන්න. අඩුවෙන් කතා කරන්න. කතාවෙන් පවා ඔබට අවාසි විය හැකි දිනයකි.
ජය වර්ණය – විසිතුරු පැහැය                                        ජය අංකය – 09

සිංහ ලග්නය

හැලහැප්පීම් තිබුනානම් ඒවා ජයගෙන ගමනක් යන්න පුළුවන් දවසක්  . රහස් සතුරු කරදර අවම වන දිනයකි. පවුලේ අයගෙන් වගේම අසීමිත උදව් අන් අයගෙන්ද  ලබාගත හැකි දිනයකි. සුභ මංගල යෝග එන දිනයකි. මනා පෞරුෂයකින් යුතුව වැඩ කටයුතු කරගෙන යා හැකි දිනයකි. ආගමානුකුලව දිනය ආරම්භ කරන්න.
ජය වර්ණය – කහ පැහැය                                                       ජය අංකය – 03

කන්‍යා ලග්නය

අධ්‍යාපන කටයුතු වලට සුබ දවසක් යම් යම් ගැටළු අවත අමතක වීම් වැනි ඔබට එය ජයගත හැක . විනෝදයෙන් දිනය ගත කළ හැකිය. කතා ශක්තිය වෙනදට වඩා වර්ධනය වන දිනයකි. කරනා වැඩ කටයුතු වඩාත් කල්පනාකාරීව සම්පාදනය කරගන්න. අන් අය සමඟ කරන කටයුතු වලදී ඉවසීම ඔබට වඩාත් වැදගත් වේවි.
ජය වර්ණය – ලා දම් පැහැය                                                         ජය අංකය – 06

තුලා ලග්නය

අද දවස ඔබට සුබ දවසක් .අතපසු වුනු වැඩ කටයුතු නැවත ආරම්භ කිරීමට සුභ දිනයකි. ව්‍යාපාර වලින් ඔබට අතිරේක ආදායම් ලබාගත හැකි දිනයකි. අනාගත බලාපොරොත්තු වෙනුවෙන් වෙහෙසෙන දිනයකි. අලුතින් දෙයක් මිලදී ගැනීමට යාමට යෝග්‍ය දිනයකි. අන් අය මනාවට තේරුම් ගන්න අතර වැඩ කටයුතු වල වැඩි සාර්ථකත්වයක් ලැබිය හැකි දිනයකි.
ජය වර්ණය – ලා නිල් පැහැය                                                          ජය අංකය – 06

වෘශ්චික ලග්නය

 

කොන්ද තුනටිය මුත්‍රාශය ආශ්‍රිත රෝග ඇතිවිය හැක  නමුත් එවයි ප්‍රවේශම් වෙන්න අද දවස සුබයි .අන් අයව වඩාත් හොදින් තේරුම් ගෙන කටයුතු කළහැකි දිනයකි. යම් යම් වෙනස්කම් ඔබ තුලම ඇති කරගන්න දිනයකි. වෙන දිනයන්ට වඩා තියුණු නුවණින් යුතුව ඔබට කටයුතු කළහැකි දිනයකි. ඔබේ කතාවෙන් අන් අයව ජයගන්න දිනයකි. නිසි සැලසුම් මත දිනය ආරම්භ කරන්න.
ජය වර්ණය – සුදු පැහැය                                         ජය අංකය – 06

ධනු ලග්නය

ටිකක් කේන්ති යන දවසක් කේන්තිය මැඩගෙන වැඩකටයුතු කෙරීමෙන් දවස ජයගත හැක . කතාව නිසා සමීපතමයන්ගේ සිත් රිදිය හැක.යාන වාහන, තනතුරු අපේක්ෂා කළහැකි දිනයකි. ගැටළු විසදාලීමට වැඩි දස්කමක් දක්වන දිනයකි. අන් අයට ආදර්ශමත්ව කටයුතු කළහැකි දිනයකි. අලුතින් නිවසක් තැනීමට පටන් ගන්නටද සුභ දිනයකි. නිදහසේ දිනය ගත කිරීමට ප්‍රිය කරන දිනයකි.
ජය වර්ණය – තැඹිලි  පැහැය                                 ජය අංකය – 05

මකර ලග්නය

පෞර්ශය වර්ධනය වන දවසක් ඔබ අතගහන වැඩ කෙසේ හෝ ජයගන්න දවසක්  . මෙතෙක් හමු නොවුණු දෙයක් නැවත ලැබිය හැකි දිනයකි. අනවශ්‍ය ගමන් බිමන් වලින් තිර වන්න. ඉඩමක්, නිවසක්, වාහනයක් අලුතින් මිලදී ගැනීමටද සුභ දිනයකි. නිසි සැලසුම් මත තීරණ ක්‍රියාත්මක කරන්න. ආගමානුකුලව දිනය ආරම්භ කරන්න.
ජය වර්ණය – රන්වන් පැහැය                                       ජය අංකය – 03

කුම්භ ලග්නය

වියදම වැඩි වන දවසක්. අප්‍රමාදව, තැනට සුදුසු නුවණින් යුතුව වඩාත් සාර්ථකව දිනය ගත කිරීමේ හැකියාව පවතියි. මොළයෙන් කරන සුක්ෂම වැඩ ඔබට වැඩි සාර්ථකත්වයක් ගෙන දෙන දිනයකි. ඔබේ සෞඛ්‍ය ගැන වැඩියෙන් සැළකිලිමත් වන්න. ආගමානුකුලව දිනය ගත කරන්න. නිවැරදි තීරණ මත, නිවැරදි අවබෝධය මත ක්‍රියාත්මක වන්න. වැඩිහිටියන්ගේ උදව් උපකාර ලැබෙන දිනයකි.
ජය වර්ණය – ලා දම් පැහැය                                        ජය අංකය – 06

මීන ලග්නය

පිටින් පේනවට වැඩ සුන්දර ගතිගුණ ඉස්මතුවන දවසක්. මුදල් ගනුදෙනු වලදී සැළකිලිමත් විය යුතු දිනයකි. සමාජ සේවා කටයුතු වලටද සුභ දිනයකි. ඔබේ සෞඛ්‍ය තත්වය ගැන සැළකිලිමත් වන්න. කල්පනාවෙන් යුතුව කටයුතු සම්පාදනය කරගත යුතු දිනයකි. සෙල්ලක්කාර ගති ලක්ෂණ ඉවතලා කටයුතු කළයුතු දිනයකි.
ජය වර්ණය – ලා දම් පැහැය                             ජය අංකය – 03
ප්‍රවීණ ජ්‍යෙතිෂවේදී කැලුම් ගුණතිලක
දුරකථන: 076 67 65 353


News Articles
Latest Videos
Most Popular Post