News Line| Off Air| Games
Generic placeholder image

Aug
28

ගාල්ලට මොකද මේ වෙන්නේ? නගරාධිපති ජනතාවගෙන් අහයි.

895 Views


ගාල්ලට මොකද මේ වෙන්නේ? නගරාධිපති ජනතාවගෙන් අහයි.

දකුණු පළාතේ අගනගරය තමයි ගාල්ල. ගාල්ල නගරය ඈත අතීතයට දිව යන ඉතිහාසයක් තියෙනවා. හැබැයි මෑතක ඉඳන් ගාල්ල නගරය ගැන වැඩියෙන් කතා කරන්න පටන් අරගෙන තියෙනවා.

ගාලු කොටු පවුරේ වගේම ගාල්ල නගරයේ තියෙන රාජ්‍ය ආයතන ඉවත් කරන්න හදනවා කියලා ගාල්ල නගරාධිපති ප‍්‍රියන්ත සහබන්ධු චෝදනා කරනවා.අද ගාල්ලේ තිබ්බ මාධ්‍ය හමුවකදී ඔහු මේ චෝදනාව කරා.

“මුලින්ම කිව්වේ ගාලු කොටුව ඇතුලේ තියෙන රාජ්‍ය ආයතන ඉවත් කරනවා කියලා. අද වෙද්දී ගාලු නගර සභාව පවත්වාගෙන යන පරිපාලන ගොඩනැගිල්ලත් ගාලු නගරයෙන් වෙනත් තැනකට ගෙනියන්න ඕන කියලා දැනුම් දීලා තියෙනවා. රිචඩ් පතිරණ පුස්තකාලයත් ඉවත් කරන්න වෙන තැනක් බලන්න කියලා දැනුම් දීලා තියෙනවා.” කියලයි එතුමා චෝදනා කරන්නේ.

මේ තීරණ ගත්තේ කවුද කියලා දන්නේ නෑ කියලයි නගරාධිපතිවරයා චෝදනා කරන්නේ. “ගාල්ලේ ජනතාවවත්, ගාලු මන්ත්‍රීවරුන් වත් කවදාවත් මේකට කැමති වෙන්නේ නෑ.” කියලයි එතුමා වැඩි දුරටත් චෝදනා කරේ.


News Articles
Latest Videos
Most Popular Post