News Line| Off Air
Generic placeholder image

Aug
29

ගුවන් නියමුවෙක් වෙන්න සිහින දකින අයට සුභ පණිවිඩයක්.

833 Views


ගුවන් නියමුවෙක් වෙන්න සිහින දකින අයට සුභ පණිවිඩයක්.

කුරුල්ලෙක්ට වගේ නිදහසේ පියාඹන්න මිනිසුන්ට බෑ. හැබැයි අහසේ ඉගිල්ලෙන්න පොඩි කාලේ ඉඳන් හීන දකින අය ඉන්නවා. ඒ අය තමයි දවසක ගුවන් නියමුවන් වෙන්නේ.

ගුවන් නියමුවෙක් වෙන්න සිහින දකින අයට සුභ පණිවිඩයක් ලැබිලා තියෙනවා. ඒ ඉදිරි අවුරුදු 20 දී ආසියාවට ගුවන් නියමුවන් 240,000 ක් අවශ්‍ය වෙලා තියෙනවා. ආසියානු කලාපයේ ආර්ථික වර්ධනයත් සමගයි මේ ඉල්ලුම වැඩි වෙලා තියෙන්නේ.

බෝයිං (Boeing) ගුවන් යානා නිෂ්පාදන ආයතනය කියන්නේ ඉදිරි අවුරුදු 20 දී අසියා කලාපයට 240,000 ක් ගුවන් නියමුවන් සහ 317,000 ක කාර්ය මණ්ඩලයක් අවශ්‍ය වෙනවා කියලා. ඉන් අඩක්ම අවශ්‍ය වෙලා තියෙන්නේ චීනයට.

බෝයිං සමාගමේ ඇස්තමේන්තුවට අනුව චීනයට ගුවන් නියමුවන් 128,500ක් ද, අග්නිදිග ආසියාවට 48,500ක් සහ දකුණු ආසියාවට 42,750ක් අවශ්‍ය වෙනවා. කවදා හරි ගුවන් නියමුවෙක් වෙන්න සිහින් දකින අයට මේ තමයි හොඳම අවස්ථාව.


News Articles
Latest Videos
Most Popular Post