News Line| Off Air
Generic placeholder image

Aug
30

කොළඹ විහාර මහා දේවි උද්‍යානයේ සෙල්ලම් කරන්න ළමයෙක්ට රුපියල් 400 ක ටිකට් එකක්?

1018 Views


කොළඹ විහාර මහා දේවි උද්‍යානයේ සෙල්ලම් කරන්න ළමයෙක්ට රුපියල් 400 ක ටිකට් එකක්?

පුංචි ළමයින්ට එළිමහනේ ගහ කොලත් එක්ක සෙල්ලම් කරනවට වඩා සතුටක් නෑ. ඒ සතුට වැඩියෙන්ම ලැබෙන්නේ ගමේ ළමයින්ට. හැබැයි කොළඹ ඉන්න දරුවන්ට ඒ සතුට ලබා ගාන්න පුළුවන් විහාර මහා දෙවි උද්‍යානයට ගියොත් විතරයි.

හැබැයි ඉදිරියේදී විහාර මහා දෙවි උද්‍යානයට ළමුන්ට ඇතුල් වෙන්න රුපියල් 400 ක මුදලක් අය කරන්න තීරණය කරලා තියෙනවා. මේ මුදල පෞද්ගලික සමාගමකට අය කරන්න දෙන්න තමයි කොළඹ මහ නගර සභාව යෝජනාවක් සම්මත කරගෙන තියෙන්නේ.

යස අවුරුදු 5-10 අතර දරුවෙකුගෙන් විනාඩි 15කට රුපියල් 100 බැගින් අයකරන්න අවස්ථාව ලැබෙනවා. මාස 02ක් ඇතුළත මෙම වැඩසටහන ක්‍රියාත්මක වෙයි කියලයි නගර සභා ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

විහාර මහා දේවි උද්‍යානයේ හා කාක දූපත උද්‍යානයේ කුඩා ළමයින්ට ක්‍රීඩා කිරීමට අවශ්‍ය උපකරණ සවි කිරීමටත්, ඒ වෙනුවෙන් කොළඹ මහ නගර සභාවට මාසිකව රුපියල් 10,000ක් ගෙවීමටත් අදාළ පුද්ගලික සමාගම එකඟ වෙලා තියෙනවා.


News Articles
Latest Videos
Most Popular Post