පහුගිය දවසක ගලබොඩඅත්තේ ඥාණසාර හිමින්ට සිර දඬුවම් නියම වුණා. හැබැයි ඒ වෙද්දී උන්වහන්සේ හිටියේ සැත්කමක් සඳහා රෝහල් ගත කරලා. ඒ නිසා උන්වහන්සේව බන්ධනාගාර ගත කරේ නෑ.
නමුත් අද ගලබොඩඅත්තේ ඥාණසාර හිමියන් ප්‍රතිකාර ලබමින් සිටි ශ්‍රී ජයවර්ධනපුර රෝහලෙන් මාරු කර තිබෙනවා. ඒ බන්ධනාගාර රෝහල වෙත. සැත්කමන් පසු ඥාණසාර හිමියන් ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියා.
හෝමාගම මහේස්ත‍්‍රාත් අධිකරණයේදී ඉකුත් 2016 වසරේ ජනවාරි 25 වැනිදා අධිකරණයට අපහාස වන පරිදි හැසිරීම සම්බන්ධයෙන් ඥාණසාර හිමියන් මේ වනවිට වසර 06ක බරපතල වැඩසහිත සිරදඬුවමකට නියමවී සිටිනවා.