News Line| Off Air
Generic placeholder image

Sep
1

විරාත් කෝලිගේ පුහුණුකරු අලුත්වෙයි…

968 Views


විරාත් කෝලිගේ පුහුණුකරු අලුත්වෙයි…

විරාත් කෝලි කියන්නේ ඉන්දියාවේ වගේම ලෝකේ පුරාම ජනප්‍රියත්වයේ හිනිපෙත්තේ ඉන්න ක්‍රීඩකයෙක්. ඉතින් මේ දවස්වල ඔහු නායකත්වය දරන්නේ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමේ. මේ කණ්ඩායමේ ඔහුගේ ප‍්‍රධාන පුහුණුකරු සහ උපදේශක වරයා අලුතෙන් පත් කරලා තියෙනවා. ඒ තමයි හිටපු දකුණු අප‍්‍රිකාණු පිතිකරු ගැරී කර්ස්ටන්.

2019 වසරේ පැවැත්වෙන ඉන්දීය ප‍්‍රිමියර් ලීග් ක‍්‍රිකට් තරගාවලියේ ඉඳන් එම පත් කිරීම බලපැවැත්වෙනවා. මෙතෙක් රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමේ ප‍්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළේ ඩැනියල් විටෝරි.


News Articles
Latest Videos
Most Popular Post