සබරගමුව පළාත් සභාවේ හිටපු එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී, කලවාන හිටපු එක්සත් ජාතික පක්ෂ සංවිධායක හසිත මුහන්දිරම් මේ වෙද්දී ඉන්නේ වැලිකඩ බන්ධනාගාරයේ. ඒ මරණීය දණ්ඩනය ලබලා. ඒ වුනත් ඔහුගේ Facebook ගිණුම මේ දක්වාම යාවත්කාලීන (Status Update) වීම සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකර අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරන්න කියල කොළඹ මහාධිකරණ විනිසුරු චම්පා ජානකී රාජරත්න මහත්මිය නියෝග කරල තියෙනවා.
සබරගමුව පළාත් සභාවේ හිටපු මන්ත්‍රී රංජිත් නන්දසිරි මහතා හා ඔහුගේ රියැදුරු ඝාතනය කොට වෑන් රථය තුළටම දමා ගිනි තැබිම ඇතුළු අධිචෝදනා යටතේ කොළඹ මහාධිකරණය හමුවේ නීතිපතිවරයා විසින් පවරා ඇති නඩුවටත් මෙම පුදගලයා විත්තිකරුවකුවෙනවා. ඒත් ඔහුගේ Facebook ගිණුම මේ වන විටත් යාවත්කාලීනව (Status Update) පවතිනවා. මේ ගිණුමේ මෙම නඩුවට අගතිකාරි ලෙස ප්‍රකාශ පළවන, බවත් පෙන්වා දෙමින් තමයි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා කළ කරුණු දැක්වීම සලකා බැලූ මහාධිකරණ විනිසුරුවරිය එම නියෝගය කලේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා මේ සිද්ධියේ විමර්ශනය සිදුකරනවා.එහිදී ලබන සැප්තැම්බර් 17 වැනිදා අධිකරණය හමුවේ පෞද්ගලිකව පෙනී සිට එම වාර්තාව අධිකරණයට ඉදිරිපත් කරනා ලෙසටද වැලිකඩ බන්ධනාගාර අධිකාරිවරයාට, කොළඹ මහාධිකරණ විනිසුරු චම්පා ජානකී රාජරත්න මහත්මිය නියෝග කරලා තියෙනවා.