News Line| Off Air| Games
Generic placeholder image

Sep
2

අපේ රටේ මුර දේවතාවන් ලෝකයෙන්ම අංක එක කරන්න ඔබේ වටිනා ඡන්දය දෙන්න. මේ කළගුණ සළකන්න හොදම වෙලාවයි.

2983 Views


අපේ රටේ මුර දේවතාවන් ලෝකයෙන්ම අංක එක කරන්න ඔබේ වටිනා ඡන්දය දෙන්න. මේ කළගුණ සළකන්න හොදම වෙලාවයි.

30 වසරක් මේ මාතෘ භූමියේ ජාති ආගම් බේදයක් නැතුව අපි ජීවත් වුනේ මර බියෙන්. ඒ බය නැති කරලා රටට නිදහස ලබා දුන්නේ අපේ රටේ මුර දේවතාවන්. ඔවුන් කල ඒ කැපකිරීම් වලට, පරිත්‍යාගවලට ණය ගෙවන්න අපිට කවදාවත් බැරි වේවි.

හැබැයි ඔවුන් කළ ඒ මහඟු සේවයට කාලගුණ සලකන්න අවස්ථාවක් දැන් අපිට උදා වෙලා තියෙනවා. ඒ රුසියාවේ පැවැත්වෙන “Spasskaya Tower Military Music Festival” සැණකෙළියේ 2018 Spasskaya Tower Audience Choice Award සම්මානය ශ්‍රී ලංකා ආරක්ෂක සේවා තූර්යවාදක කණ්ඩායමට හිමි කරලා දීලා.

මේ තරඟයේ ජයග්‍රහකයින්ව තෝරා ගන්නේ ඔවුන්ට ලැබෙන මනාප ප්‍රමාණය අනුව. කොහොම වුනත් මේ වෙද්දීත් 3 වන ස්ථානය දිනා ගන්න ශ්‍රී ලංකා ආරක්ෂක සේවා තූර්යවාදක කණ්ඩායම සමත් වෙලා තියෙනවා. ඒ 12% ක ඡන්ද ප්‍රතිශතයක් හිමි කර ගෙන. අද රාත්‍රී 10.30 ට මේ ඡන්ද ලබා ගැනීම අවසන් කරනවා.

ඒ නිසා අපිට ඉතිරි වෙලා තියෙන්නේ පුංචි කාලයක් විතරයි. ඔබට කරන්න තියෙන්නේ පහළ Link එකට ගිහින් The Sri Lankan Military Band ඉදිරියෙන් ඔබේ මනාපය ප්‍රකශ කරන්න. ICC Facebook පිටුවේ Cover Photo එක මාරු කරවපු අපිට මේක මහ දෙයක් නෙවෙයි. පොඩ්ඩක්වත් පරක්කු නොවී දැන්ම Vote කරන්න අනිත් අයටත් දැන ගන්න මේ Article එක Share කරන්න අමතක කරන්න එපා.

මේ Link එකට ගිහින් Vote කරන්න.

https://spasstower.ru/en/polling/

“Spasskaya Tower Military Music Festival” සැණකෙළියේ ශ්‍රී ලංකා ආරක්ෂා සේවා තූර්යවාදක කණ්ඩායම දස්කම් දක්වපු හැටි.

https://www.facebook.com/2023666627898299/videos/291749071607557/

දැනට ඡන්ද ලබාගෙන තියෙන ආකාරය.


News Articles
Latest Videos
Most Popular Post