SLC T20 ශ්‍රී ලංකා ක්‍රිකට් වසන්තයේ අවසන් මහා තරඟය ඊයේ පැවැත්වුණා. ඒ කොළඹ සහ දඹුල්ල කණ්ඩායම් අතර. තරඟය පැවැත්වුණේ කොළඹ ප්‍රේමදාස පිටියේදී. තරංගගේ සුපිරි පිතිකරණය නිසා SLC T20 ශූරයන් වෙන්න කොළඹ කණ්ඩායමට පුළුවන් වුණා.
කාසියේ වාසිය දිනා ගත්ත දඹුල්ල කණ්ඩායම මුලින්ම පන්දුවට පහර දෙන්න තීරණය කරා. ප්‍රහාරාත්ම පිතිහරඹයක නිරත වුන රමිත රඹුක්වැල්ල ලකුණු 57 ක් ලබා ගත්තා. ඒ 4 පහර 7 ක් සහ 6 පහර 3 ක් සමඟින්. හසිත බෝයගොඩ ලකුණු 40 යි. වනිඳු හසරංග ලකුණු 22 යි.
අකිල ධනංජය සහ ජීවන් මෙන්ඩිස් කඩුලු 2 බැගින් දවා ගත්තා. පන්දුවාර 20 අවසානයේ කඩුලු 8 ක් දැවී ලකුණු 168 ක් ලබා ගන්න දඹුල්ල කණ්ඩායම සමත් වුණා.
ලකුණු 169 ක් හඹා ගිය කොළඹ කණ්ඩායම කඩුලු 3 ක් විතරක් දැවී ජයග්‍රහණය ලබා ගත්තා. ෂෙහාන් ජයසූරිය නොදැවී ලකුණු 35 යි. තරඟයේ සම්පූරණ බර තමන්ගේ කරට ගන්න නායක උපුල් තරඟ සමත් වුණා. සුපිරි ඉනිමක් ක්‍රීඩා කල තරංග SLC T20 තරඟාවලියේ දෙවෙනි ශතකයත් වාර්තා කරා. තරංග නොදැවී ලකුණු 104 ක් ලබා ගත්තා. ඒ 4 පහර 6 ක් සහ 6 පහර 9 ක් සමඟින්.