මේ දවස් වල දකුණේ පාතාලය ගැන විවිධ කතා එහෙන් මෙහෙන් ඇහෙනවා. ඔය අතර තමයි සංවිධානාත්මක අපරාධ කල්ලි නායක මාකදුරේ මධූෂ්ගේ පියා රිය අනතුරක් හේතුවෙන් මිය ගියේ. මේ මරණයත් සමඟ මධුෂ් ලංකාවට එයි කියලයි ආරක්ෂක අංශ සැක පලකරේ. ඒ අනුව වෙස් වලාගෙන හරි මධුෂ් ගෙදර ආවොත් අල්ලන්නයි පොලීසිය සුදානම් ශරීරයෙන් හිටියේ.
අපරාධ ගණනාවකට සම්බන්ධ සහ අපරාධ රැසක මහා මොලකරු ලෙස හඳුන්වන මධුෂ් දැන් ඉන්නේ ඩුබායි වල කියලයි ආරක්ෂක අංශ කියන්නේ. කොහොම නමුත් පියාගේ මරණයට මධුෂ් ආවා කියලා හෝඩුවාවක් ලැබුනේ නැහැ. හැබැයි ඒ වෙනුවට මාකඳුරේ මධූෂ් සිය සිය පියා වෙනුවෙන් ශොක පණිවිඩයක්ද එවා ඇති අතර පියාගේ අවමංගල්‍ය උත්සවය චන්ද්‍රිකා තාක්ෂණය ඔස්සේ නැරඹූ බවටද ඇතමුන් ප්‍රකාශ කරනවා. මේ හේතුවෙන් නිවසේ තිබූ සීසීටීවී හරහා ඒ පිළිබඳ පරීක්ෂණ සිදුකිරීමටද කටයුතු කරන බව පොලිසිය පවසනවා.
එසේම මධූෂ්ගේ පියාගේ අවමංගල්‍ය පෙරහරට හෙලිකොප්ටරයක් ආධාරයෙන් ගුවනින් මල් දැමීමටද කටයුතු කර තිබෙනවා. එම හෙලිකොප්ටරය මෙරට පුද්ගලික ආයතනයකට අයත් හෙලිකොප්ටරයක් වන අතර අදාල සමාගම සඳහා මුදල් ගෙවා ඇත්තේ කොට්ටාව ප්‍රදේශයේ දිනේෂ් නැමැත්තෙකු බවයි අදාළ සමාගමේ නිළධාරියෙකු මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබුනේ.