එංගලන්ත ප්‍රභල ආරම්භක පිතිකරු, හිටපු නායක සුපිරි ක්‍රීඩක ඇලස්ටෙයාර් කුක් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගන්න තීරණය කර තිබෙනවා. ඒ ඉන්දියාවත් සමග පැවැත්වෙන පස්වන ටෙස්ට් තරඟයෙන් පසුවයි. එංගලන්තය වෙනුවෙන් වැඩිම ටෙස්ට් ලකුණු ප්‍රමාණයක් රැස්කළ ක්‍රීඩකයා වන කුක් මේ වන විට ලකුණු 12,254ක් රැස් කරගෙන සිටින්නේ ටෙස්ට් තරඟ 160 ට සහභාගී වීමෙන් පසුවයි.
කෙසේ වෙතත් පහුගිය කාලය පුරාම අසාර්ථක වුනු කුක් ඉන්දියාවත් සමග පැවැත්වෙන ටෙස්ට් තරඟාවලියේදීත් දක්ෂතා අතරට පැමිණිමට අපොහොසත් වූ නිසාම කණ්ඩායමේ ඔහුගේ ස්ථානය අවිනිශ්චිත තත්වයකට පැමිණ තිබුණා. තම සමුගැනීම පිළිබඳ ප්‍රකාශයට පත් කළ කුක් පවසන්නේ පසුගිය මාස කිහිපයේදීම තමාගේ පසුබෑම පිළිබඳ කල්පනා කිරීමෙන් අනතුරුව මේ අපහසු තීරණය ගත් බවයි. මෙය කණගාටුදායක් අවස්ථාවක් වුවත් තම හැකි උපරිමය කණ්ඩායමට ලබාදුන් නිසා සතුටින් සමුගත හැකි බවද ඔහු සඳහන් කළා.
මේ වනවිට ලොව වැඩිම ටෙස්ට් ලකුණු රැස්කළ පිතිකරුවන් අතර හයවන ස්ථානයේ පසුවන කුක්ට කුමාර් සංගක්කාර පසුකරමින් පස්වන ස්ථානයට පත්වීමේ අවස්ථාවද පවතිනවා. ඒ සඳහා මීළඟ තරඟයේදී තවත් ලකුණු 147ක් රැස් කිරීමට කුක්ට සිදුවනවා. එම සටහනේ පස්වන ස්ථානයේ පසුවන සංගක්කාර ටෙස්ට් ලකුණු 12400ක් ලබාගෙන සිටිනවා.