News Line| Off Air
Generic placeholder image

Latest Posts










Sep
5

මැරෙන්න හිටිය මාළුන්ට ජීවිතය දුන්න වවුනියාවේ දරුවෝ. – Photo

1199 Views


මැරෙන්න හිටිය මාළුන්ට ජීවිතය දුන්න වවුනියාවේ දරුවෝ. – Photo

ලොකු කුඩා සෑම ජීවියෙකුගේම ජීවිත වල තියෙන්නේ එක හා සමාන වටිනාකමක්. තවත් කෙනෙකුගේ ජීවිතයක් බේරා ගන්නවා කියන්නේ මහඟු පිංකමක්. මේ කියන්න යන්නේ තරුණයින් පිරිසක් කරපු ඒ වගේ උතුම් ක්‍රියාවක් ගැන.

වවුනියාව මඩුකන්ද වැව ප්‍රතිසංස්කරණය කරන්න කොන්ත්‍රාත්කරුවන් විසින් වැවේ වතුර ඉවත් කරලා තියෙනවා. මේ නිසා වැවේ හිටිය මාළු මියයාමේ අවදානමකට ලක්වෙලා.

මේක දැක්ක වවුනියාව මඩුකන්ද ගමේ තරුණ පාසල් සිසුන් පිරිසක් වැවේ ඉතිරි වුන මාළු අල්ලලා ප්‍රදේශයේ ජලය නොසිඳෙන ළිඳකට දමලා තියෙනවා. ලූලන්, කාවයියන්, තෙප්පිලි, අංගුට්ටන් සහ හුංගන් ආදී විශාල මත්ස්‍යයින් ප්‍රමාණයක්ට තරුණයින් ජීවිත දානය ලබා දීලා තියෙනවා.

ඡායාරූප ලංකාදීප පුවත්පතෙන්.


News Articles
Latest Videos
Most Popular Post