News Line| Off Air| Games
Generic placeholder image

Sep
5

අභ්‍යවකාශයේ සිද්ධ වුන කුමන්ත්‍රණයක් ගැන රුසියාවෙන් චෝදනාවක්. – Photo

565 Views


අභ්‍යවකාශයේ සිද්ධ වුන කුමන්ත්‍රණයක් ගැන රුසියාවෙන් චෝදනාවක්. – Photo

පහුගිය දවසක ජාත්‍යන්තර අභ්‍යවකශ මධ්‍යස්ථානයේ සිදුරක් ඇති වුණා. රුසියාවට අයිති කොටසේ තමයි මේ සිදුර ඇති වෙලා තිබ්බේ. මේ නිසා අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ ඔක්සිජන් මට්ටම පහළ යාමක් සිද්ධ වුණා.

හැබැයි අභ්‍යවකශ මධ්‍යස්ථානයේ ගගනගාමීන් කාටවත් ඉන් හානියක් සිද්ධ වුණේ නෑ. රුසියානු අභ්‍යවකාශ ඒකකයේ ප්‍රධානියා ප්‍රකාශ කරන්නේ මේ සිදුර කඩාකප්පල්කාරී ක්‍රියාවක් කියලා. මේ පිළිබඳව තමන් වැඩිදුර විමර්ශනයන් සිදු කරනවා කියලා රුසියානු අභ්‍යවකාශ ඒකකය සදහන් කරනවා.

රුසියානු අභ්‍යවකාශ ඒකකයේ ප්‍රධානි Dmitry Rogozin සදහන් කරන්නේ මේ සිදුර පෘථිවියේදී හෝ එසේත් නැත්නම් අභ්‍ය්වකාශයේදී සිදු කළ එකක් බවයි. මෙම සිදුර ඇති කිරීම සදහා අවස්ථා කිහිපයකදීම උත්සහ දරා ඇති බවට පෙනෙනවා කියලා ඔහු වැඩිදුරටත් සඳහන් කරනවා.


News Articles
Latest Videos
Most Popular Post