News Line| Off Air
Generic placeholder image

Sep
7

කෝලි ආසියානු කුසලානය මඟ හැරියේ පාකිස්ථානයේ යොවුන් පන්දු යවන්නාට බයේද?

3054 Views


කෝලි ආසියානු කුසලානය මඟ හැරියේ පාකිස්ථානයේ යොවුන් පන්දු යවන්නාට බයේද?

විරාත් කෝලි කියන්නේ මේ වෙද්දි ලෝකයේ ඉහළම තැන ඉන්න පිතිකරුවා. හැබැයි ලංකාවේ ගොඩාක් අයට පේන්න බැරි ක්‍රීඩකයාත් කෝලි තමයි. මේ වෙද්දි ආසියානු කුසලානයට කෝලි සහභාගී නොවන බවයි ඉන්දියාවෙන් ආරංචි වෙන්නේ.

ගොඩාක් අය කිවුවේ කෝලි මේ නිවාඩුව ගන්නේ 2019 ලෝක කුසලානය ඉලක්ක කරගෙන කියලා. හැබැයි ඉතිං කෝලි නැති ආසියානු කුසලානයත් පරිප්පු නැති හෝටලේ වගේ වෙයි කියලයි විචාරකයෝ කියන්නේ.

ඔය ඔක්කෝම කතා අතර පාකිස්ථානයේ කෝඩුකාර පන්දු යවන්නා හසන් අලී ඊයේ පැවති මාධ්‍ය හමුවකදි කෝලි ගැන කතා කරා.

“ආසියානු කුසලානයේදී කෝලි නැති එක ගැන මම ගොඩාක් දුක් වෙනවා. කෝලි ගොඩාක් දක්ශ ක්‍රීඩකයෙක්. හැබැයි මම කෝලිව Out කරනවා. ඒකට අවස්ථාවක් මේ ආසියානු කුසලානයේ ලැබෙයි කියලයි මං හිතුවේන්. පහුගිය ශූරයන්ගේ කුසලානයේදීත් මම පන්දු යවන්න කලින් අපේ කෙනෙක් කෝලිව out කරා. හැබැයි මම අවුරුද්දක් බලං හිටියේ ආසියානු කුසලානයේදී කෝලිව out කරන්න. මේ පාර බැරි වුණත් මම ඊලගට කෝලිව හම්බවෙන තරගයේදී අනිවාර්යයෙන් එයාව Out කරනවා.”

කඩුල්ලක් දවා ගත්තාම අමුතු ඇක්ශන් එකක් දාන පාකිස්ථානයේ අලුත්ම සොයා ගැනීම වුණු හසන් අලී මේ කතාව මාධ්‍යට කිවුවේ හරීම කණගාටුවෙන්.


News Articles
Latest Videos
Most Popular Post