දැන් මුළු ආසියාවම ලෑස්ති වෙන්නේ ආසියානු කුසලාන තරඟාවලියේ උණුසුම විඳගන්න. හැබැයි සමහර ප්‍රභල ක්‍රීඩකයෝ මේ තරඟාවලියට සහභාගී වෙන්නේ නැහැ. ඒ වුනාට තරඟාවලියේ උණුසුම අඩු වේවි කියලත් හිතන්න අමාරුයි. මොකද මේ වෙනකොට ආසියානු කුසලානයට සහභාගී වෙන කණ්ඩායම් 6ම අවසන් තරඟ කිහිපය ඉතාමත් හොඳින් ක්‍රීඩා කරලා තියෙනවා.
ඩුබායි දේශයේදී ලබන 15 වෙනි සෙනසුරාදා ඉඳලා ආරම්භ වෙන ආසියානු කුසලානයට ඇෆ්ගනිස්ථානය, බංගලාදේශය, ඉන්දියාව, පාකිස්ථානය, ශ්‍රී ලංකාව සහ හොං කොං යන රටවල් සහභාගී වෙනවා. සුදුසුකම් ලබාගැනීමේ තරඟාවලියේදී එක්සත් අරාබි එමීර් කණ්ඩායම පරාජය කල නිසා හොං කොං කණ්ඩායමට මෙවර ආසියානු කුසලානයේ දොරටු විවර වුනා.
මේ පාර ආසියානු කුසලානය පැවැත්වෙන්නේ කාණ්ඩ දෙකක් යටතේ. පළමු කාණ්ඩයෙන් ඉන්දියාව, පාකිස්ථානය, හොං කොං දේශය තරඟ කරන අතර දෙවන කාණ්ඩයෙන් ශ්‍රී ලංකාව, ඇෆ්ගනිස්ථානය, බංගලාදේශය තරඟ කරනවා. ඒ අනුව පළමු වටයේදී ශ්‍රී ලංකාවට වඩාත් පහසු අභියෝගයක් ලැබෙන බවයි ක්‍රීඩා විචාරකයන් පවසන්නේ. එම නිසා සුපිරි 4 දෙනාගේ තරඟ වටයේදී ආසියානු කුසලානයේ උණුසුම තදින් දැනෙන්න පටන් ගනීවි කියලත් බොහෝ විචාරකයන් මත පල කරනවා. නමුත් අපේ මතය නම් ක්‍රිකට් ක්‍රීඩාවේ අවිනිශ්චිත බව නිසා මේ තරඟාවලියේ කුමක් වේවිද කියා දැන්ම අනාවැකි පළකිරීම නුසුදුසු බවයි.
මේ ආසියානු කුසලානයේ තරඟ කාල සටහනයි.