News Line| Off Air
Generic placeholder image

Latest Posts










Sep
12

තුන් ඉරියව්වෙන්ම පිටිය මැද වැඩ දාන තිසරව ඇෆ්ඝනිස්තානයට ඉල්ලයි

3923 Views


තුන් ඉරියව්වෙන්ම පිටිය මැද වැඩ දාන තිසරව ඇෆ්ඝනිස්තානයට ඉල්ලයි

ලංකාවේ ක්‍රිකට් තරු අතර සුපිරි ක්‍රීඩකයෙක් තමයි තිසර පෙරේරා. තුන් ඉරියව්වෙන්ම පිටිය මැද දක්ෂතා පෙන්වන තිසරට දැන් ලොකු ඉල්ලුමක් ඇවිත්. ඔහුව මේ විදිහට ඉල්ලලා තියෙන්නේ ඇෆ්ඝනිස්තානු ප්‍රීමියර් ලීග් විස්සයි20 ක්‍රිකට් තරඟාවලියේ තරඟ කරන “පක්තියා ” කණ්ඩායම වෙනුවෙන්. ලබන ඔක්තෝබර් 5 වෙනිදා ආරම්භ වෙනවා. ඒ විතරක් නෙවෙයි මේ තරඟාවලියේ ක්‍රීඩා කරන එකම ශ්‍රී ලංකික ක්‍රීඩකයා වෙන්නෙත් තිසර.

මුල්ම වතාවට පැවැත්වෙන මේ ඇෆ්ඝනිස්තාන ප්‍රීමියර් ලීග් විස්සයි20 ක්‍රිකට් තරගාවලියේදී පක්තියා, කාබුල්, බල්කා, නන්ගර්හාර් සහ කන්ධාර් යන කණ්ඩායම් 5ක් තරඟ කරන්න සූදානම් වෙනවා.ඒ වගේම මෙය පැවැත්වෙන්නේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී.

කොහොම වුණත් මේ තරඟයට තිසරගේ සේවය ලබා ගන්න ඇමරිකානු ඩොලර් 75,000 ක් ගෙවනවා කියලයි පක්තියා කණ්ඩායමේ කළමනාකාරීත්වය නම් කියන්නේ. මේ මුදල ලංකාවේ මුදලින් නම් රුපියල් එක් කෝටි විසිඑක් ලක්ෂ පනස්දහසක් පමණ වෙනවා.

හැබැයි පක්තියා කණ්ඩායමේ අනෙක් විදෙස් ක්‍රීඩකයන්ට නම් තිසරට වගේ ලොකු ගානක් නම් ලැබෙන්නේ නැහැ. ඒ අනුව ඔවුන්ට ලැබෙන්නේ පාකිස්තානයේ සහීඞ් අෆ්රිඩි (ඇමරිකානු ඩොලර් 100,000) සහ ෆාහීම් අෂ්රෆ් (ඇ.ඩො. 30,000), දකුණු අප්‍රිකාවේ කැමරන් ඩෙල්පොට් (ඇ.ඩො. 60,000), එංගලන්තයේ ක්‍රිස් ජෝර්ඞ්න් (ඇ.ඩො. 30,000) සහ ලුක් රයිට් (ඇ.ඩො. 30,000), ස්කොට්ලන්තයේ කැලම් මැක්ලියොඞ් (ඇ.ඩො. 15,000)

 


News Articles
Latest Videos
Most Popular Post