B.M.W. කාර් එකක් ගන්නවා කියන්නේ ලංකාවේ ගොඩක් අයගේ හීනයක්.ඊයේ පෙරේදා දවසක ජනප්‍රිය ගායකයෙක් වන ඉරාජ්ටත් You tube එකෙන් B.M.W i8 එකක් හම්බුණා.ඒ කොහොම වුණත් ඊයේ ලංකාවේ ඉන්න B.M.W i8 හිමිකරුවන්ගෙන් බහුතරයක් සිය කාර් වලින්ම බම්බලපිටිය ප්‍රදේශයේ අවන්හලකට පැමිණ තිබුණා.කොළඹ තිබිරිගස්යාය ප්‍රදේශයේ ඉඳලා මොවුන් ඈවිත් තිබුණේ B.M.W i8 රථ පෙරහැරකින්. ඔවුන්ගේ මෙම රැළියේ අරමුණ වී ඇත්තේ ලංකාවේ අඩු වශයෙන් තිබෙන B.M.W i8 මෝටර් රථ හිමිකරුවන් එකට හමුවීමයි.
