News Line| Off Air
Generic placeholder image

Sep
17

“දුව අමල්ගේ පොඩි කාලේ වගේ ” – ශිරෝෂි රොමේෂිකා කියයි

2159 Views


“දුව අමල්ගේ පොඩි කාලේ වගේ ” – ශිරෝෂි රොමේෂිකා කියයි

ශිරෝෂි රොමේෂිකා කියන්නේ දක්ෂ නර්තන ශිල්පිනියක් වගේම කලක් පුංචි තිරයේ කාගේත් ආකර්ෂණය දිනාගත් රංගන ශිල්පිනියක්. ඇය මවක් වීමත් සමඟ දැන් රංගනයෙන් ඈත් වෙලා කියලයි ආරංචි කොහොම වුණත් ශිරෝෂි ඇයගේ අලුත් තොරතුරු ගැන පුවත්පකට කියලා තිබ්බේ මෙවැන්නක්.

ශිරෝෂි දැන් මවක්නේ. මවක් විදිහට ගෙවන ජීවිතය කොහොමද?
දැන් ඉතින් ජීවිතේ වෙනස්. අම්මා කෙනෙක් වුණාට පස්සේ ගොඩක් වගකීම් දරන්න වෙනවා. මේ දවස්වල දුව වෙනුවෙන්ම තමයි කැපවෙලා ඉන්නේ.

ශිරෝෂිගේ ජීවිතේ හැඩ කරන්න එකතුවුණ දෝනි ගැන කියමු නේද?
දුවගේ නම මෙරිසා අමාෂි පෙරේරා. එයාගේ දැන් වයස අවුරුද්දයි මාස දෙකයි. එයා දැන් හොඳටම දඟයි. එයාගේ දඟ වැඩ හුරතල් වැඩ බලබලා මම එයත් එක්ක ඉන්නවා.

ශිරෝෂි ආසාවෙන් හිටියේ දුවෙකුටද?
මුලින්ම නම් මම ආසාවෙන් හිටියේ පුතෙකුට. දැන් නම් හිතෙනවා දුවෙක් හොඳයි කියලා.

ඇයි ඒ?
පුතාලා නම් අම්මලත් එක්ක හුරතල් වෙන්නේ පොඩි කාලේ විතරයිනේ. හැබැයි කෙල්ලෝ එහෙම නෑ.හැමදාම එයාලගේ හුරතලේ අඩුවෙන්නේ නෑ. බැන්දත් එයාලට අම්මගේ අවශ්‍යතාව තියෙනවා.

දුව කවුරු වගේ කියලද වැඩිපුර ප්‍රතිචාර ලැබෙන්නේ?
දුව මං වගේ කියලා නම් කියන අය අඩුයි. හැමෝම කියන්නේ කෙල්ලෙක් වුණත් දුව අමල්ගේ පොඩි කාලේ වගේ කියලා. එක්කෙනෙක් දෙන්නෙක් තමයි කියන්නේ දුව මං වගේ කියලා. හැමදේම කරලත් දුව මං වගේ නෑ කියන කොට පොඩි දුවකුත් තියෙනවා. දුව අමල් වගේ කියද්දි එයාට නම් ගොඩක් සතුටුයි.

දුව කලාවට ළැදියිද?
අම්මෝ කලාවට පුදුම ළැදියාවක් තියෙන්නේ. සින්දුවක් ඇහේද්දී එක විදිහකට ඉන්නේ නෑ. ඩාන්ස් කරනවා. තාලෙට සින්දු කියනවා.

ඒ කියන්නේ දුව තාත්තගේ අඩි පාරේ යයි වගේ?
දැනට නම් එයා ගායනයට ගොඩක් ළැදියි වගේ පේනවා. අමල් වුණත් හරි සතුටුයි. එයා වගේ වැඩ කරද්දි.

දුව ලොකු වෙලා අම්මා වගේ නිළියක් වෙන්න හිතුවොත් ශිරෝෂි අවසර දෙනවද?
මම එයාගේ නිදහසට ඉඩ දෙනවා. එයා ලොකු වෙද්දි යන්න අවශ්‍ය ක්ෂේත්‍රය තෝරා ගනියි. එයා කැමති හොඳ ක්ෂේත්‍රයක ඉදිරියට යන්න මම මඟ පෙන්වනවා.

අමල් දුව වෙනුවෙන් කොයි තරම් කැපවෙනවද?
එයා එයාගේ වැඩ ටික කරගෙන ඉන්නවා. දුව ගැන එයා බලනවා. ඒත් එයාගේ වැඩත් එක්ක දුව වෙනුවෙන් කට්ට කන්න මම බල කරන්නේ නැහැ. එයාට දෙපැත්තක් බලන්න තියෙනවානෙ. කොහොමත් ඉතින් දරුවෝ වෙනුවෙන් තාත්තට වඩා කට්ට කන්නේ අම්මලානේ. දුව වෙනුවෙන් ඒ මහන්සිය කොහොමත් වෙන්න ඕනි.

දුවට අයියගෙනුයි, අක්කගෙනුයි ලැබෙන ආදරය කොහොමද?
එයාලත් නංගිට ආදරෙයි. එයාලට දුවව නිතර දකින්න ලැබෙන්නේ නෑ. වීඩියෝ කෝල් වලින් කතාකළාම දුවත් හායි බායි කියලා ප්‍රතිචාර දක්වනවා. ශිරෝෂි රංගනයෙන් ඈත් වෙන්නේ අමල්ගේ අකමැත්තක් නිසාද? එයත් ටිකක් විතර අකමැතියි මම රඟපානවට.

තිලිණි කෞෂල්‍යා


News Articles
Latest Videos
Most Popular Post