News Line| Off Air
Generic placeholder image

Latest Posts










Sep
18

“මැද පෙළ අසාර්ථක වුණා.පීඩනය දරාගන්න බැරිවුණා” – ඉතිහාසගත පරාජයෙන් පසු මැතිව්ස් කියයි

1300 Views


“මැද පෙළ අසාර්ථක වුණා.පීඩනය දරාගන්න බැරිවුණා” – ඉතිහාසගත පරාජයෙන් පසු මැතිව්ස් කියයි

ආසියානු කුසලාන සමාරම්භයේදීම ක්‍රීඩා ලෝලීන්ගේ බලාපොරොත්තු බොඳ කරමින් අවාසනාවන්ත ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අන්ත පරාජයක් ලබා ගත්තා. ඇෆ්ඝනිස්ථානයත් එක්ක පැවති පළමු තරඟයෙන්ම දැවැන්ත පරාජයක් උරුම වුණා.

ඒ වගේම පරාජය නිසා කණඩායම් නායක ඇන්ජලෝ මැතිව්ස් හැමදෙනාගේම දැඩි දෝෂාරෝපණයට ද ලක් වුණා.කොහොම වුණත් ඇන්ජලෝ මැතිව්ස් ඔවුන්ගේ පරාජය ගැන මාධ්‍ය වෙත කියලා තිබ්බේ මේ විදිහට.

“ඇත්තටම අපේ කණ්ඩායම ක්‍රීඩා කල ආකාරය කම්පනයක් ඇති කරමින් බලාපොරාත්තු සුනු විසුනු කිරීමක් වුණා. ඇෆ්ඝනිස්ථානයට සුබ පතන ගමන් කියන්නේ අපිට කණගාටුදායක ලෙස තරඟ දෙකේදීම ලකුණු 150 සීමාවේ නතර වෙන්න සිද්ධ වුණා.

අපි පිතිකරණයේදී ටිකක් හොද ආරම්භයක් ලබා ගත්තා, නමුත් යලිත් අවාසනාවන්ත ලෙස මැද පෙළ අසාර්ථක වුණා. පන්දු යවන්නෝ සිය රාජකාරිය හරියට කළා. පන්දු රැකීමෙන්ද අපේ ක්‍රීඩකයන්ගේ දියුණුවක් තිබ්බා. එත් යලි අපේ පිතිකරුවෝ තමන්ගේ රාජකාරිය ඉටු කලේ නැහැ.අපි දකුණු අප්‍රිකාවට එරෙහිව හොද ක්‍රීඩා රටාවක් පෙන්නුම් කළා. නමුත් ඒ රිද්මය අපි මේ තරඟාවලියට ගෙන්න බැරි වුණා. ප්‍රධානම කාරණය තමයි අපිට පීඩනය දරාගන්න බැරිවුණා. මේක කම්පනයට පත් වූ බලාපොරොත්තු බිඳවැටුණු අවස්ථාවක්.”

 


News Articles
Latest Videos
Most Popular Post