News Line| Off Air
Generic placeholder image

Sep
19

ගෑස් මිල ඉහළ යද්දී කිරිපිටි මිලට වෙන දේ මෙන්න.

578 Views


ගෑස් මිල ඉහළ යද්දී කිරිපිටි මිලට වෙන දේ මෙන්න.

දවසින් දවස රුපියල බාල්දු වෙනවා. රුපියල පල්ලම් බහිද්දී බඩු මිල නම් අහස උසට නගිනවා. ඊයේ රැස්වුන ජීවන වියදම් කමිටුව ගෑස් මිල වැඩි කරන්න අනුමැතිය දුන්නා.

ඒ රුපියල් 195 කින්. ලෝක වෙළඳපොලේ ගෑස් මිල ඉහල යාම සහ ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල අවප්‍රමාණ වීම තමයි මේ තීරණයට හේතුව වෙලා තියෙන්නේ. කොහොම වුනත් ගෑස් මිල රුපියල් 323 කින් ඉහල දමන්න කියලා තමයි ගෑස් සමාගම් ඉල්ලලා තිබුණේ.

හැබැයි ආනයනික කිරිපිටි කිලෝග්‍රෑම් 1 ක මිල රුපියල් 25 කින් පහළ දමන්නත් ජීවන වියදම් කමිටුව තීරණය කරා.


News Articles
Latest Videos
Most Popular Post