ආසියානු කුසලානයේ තවත් සුපිරි තරඟයක් ඊයේ පැවැත්වුණා. ඒ ප්‍රභල ඉන්දියාව සහ කෝඩුකාර හොංකොං කණ්ඩායම අතර. හැමෝම හිතුවේ ඉතාම පහසු ජයක් ඉන්දියාවට හිමිවෙයි කියලා. හැබැයි හොංකොං ක්‍රීඩකයන්ගේ ප්‍රහාරයෙන් ඉන්දියාව හෙල්ලුනා.
කාසියේ වාසිය දිනා ගත්ත හොංකොං කණ්ඩායම මුලින්ම ලකුණු රැස් කරන්න ඉන්දියාවට ආරාධනා කරා. සුපිරි පිතිහරඹයක යෙදුනු ෂිකර් ධවාන් පන්දු 120ක් තුලදි ලකුනු 127ක් ලබා ගත්තා. 4 පහර 15 ක් සහ 6 පහර 2 ක් ඔහුගේ ඉනිමට ඇතුලත් වුණා. ඔහුට අනගි සහයක් ලබා දුන්න අම්බට්ටි රායිඩු ලකුණු 60 යි.
අවසන් පන්දුවාර 10 දී ඉන්දියාවට දැවැන්ත පීඩනයක් එල්ල කරන්න හොංකොං පන්දු යවන්නන් සමත් වුණා. ලකුණු 48 කට ඉන්දියාවේ කඩුලු 5 ක් අවසන් පන්දුවාර 10 දී බිඳ වැටුණා. ඉන්දිය කණ්ඩායම පන්දු ඕවර 50 තුලදි කඩුලු 7ක් දැවි ලකුණු 285ක් රැස් කර ගත්තා.
හොංකොං කණ්ඩායම ජයග්‍රහණය හඹා යන්න පටන් ගනිද්දී තමයි ඉන්දියාව වෙව්ලන්න පටන් ගත්තේ. පළවෙනි කඩුල්ලට නිසාකට් ඛාන් සහ නායක අනුෂ්මාන් රාත් දැවැන්ත ලකුණු 174 ක් සබඳතාවක් ගොඩනැගුවා. නායක අනුෂ්මාන් ලකුණු 73 යි. සුපිරි ඉනිමක් ක්‍රීඩා කළ නිසාකට් ඛාන් ලකුණු 92 ක් රැස් කරා.
ඔවුන් ලබා දුන්න විශිෂ්ඨ ආරම්භය දිගටම පවත්වා ගන්න නිසාකට් ඛාන් හොංකොං මැදපෙළ පිතිකරුවන්ට බැරි වුණා. පන්දුවාර 50 අවසානයේ හොංකොං පිලට ලබා ගන්න පුළුවන් වුණේ ලකුණු 259 ක් විතරයි. ඒ කඩුලු 8 ක් බිඳවැටී. ඒ අනුව ඉන්දියාවට ලකුණු 26 ක තියුණු ජයක් හිමිවුණා. චහාල් සහ කලීල් කඩුලු 3 බැගින් දවා ගත්තා.
ඉන්දියාව තරඟය ජය ගත්තත් හැමෝගෙම ප්‍රසාදයට ලක්වෙන්න හොංකොං කණ්ඩයම සමත් වුණා.