අමුතු විදියේ අභිරහස් මරණ සිද්ධ වෙන ගම්මාන චිත්‍රපටි වල ඕනෑ තරම් දකින්න ලැබෙනවා. ඒ වගේම පිටරටවල තියෙන ඒ වගේ ගම්මාන ගැනත් අහන්න ලැබිලා තියෙනවා. හැබැයි මේ කියන්න යන්නේ ලංකාවේ තියෙන ඒ වගේ ගමක් ගැන.
දවස් 21 කට සැරයක් මරණයක් වෙන මේ ගම තියෙන්නේ අනුරාධපුරයේ. ගලෙන්බිදුනුවැව හල්මිල්ලවැව නම් වූ මෙම ගම්මානයේ වසරක පමණ කාලයක සිට මෙම අස්වාභාවික සිදුවීම වෙනවා කියලයි කියන්නේ. මේ වෙද්දී 15 දෙනෙක් මේ අභිරහසට ගොදුරු වෙලා තියෙනවා.
දවස් 21 කට සැරයක් වෙන මේ මරණ නිසා මරණාධාර සමිතියේ පවා මුදල් නොමැතිව මරණයන්වල අවසන් කටයුතු සිදු කර ගන්න අපහස වෙලා තියෙනවා. මේ විදියට මිය ගිය 15 දෙනා එක පෙළට ගම්මානයේ සුසාන භූමියේ භූමිදානය කරලා තියෙනවා.
හල්මිල්ලවැව ගම්මානයේ සියලුම ඇළ දොළ ගංගා සිදී ගොස් වසර ගණනාවක සිට උග්‍ර ජල හිඟයකටත් මුහුණ දීලා තියෙනවා. ගම්වාසින් කියන්නේ මේ පිළිබඳව කාගේ හෝ අවධානය යොමු කර මෙම භීතියෙන් සහ සිදුවීම්වාලාවෙන් ගම මුදා ගන්න කියලයි.