News Line| Off Air
Generic placeholder image

Latest Posts










Sep
20

ඉන්දීය පන්දු යවන්නන් පාකිස්ථානය දණ ගස්වයි. – Photo

1162 Views


ඉන්දීය පන්දු යවන්නන් පාකිස්ථානය දණ ගස්වයි. – Photo

ආසියාවේ බලවතා වෙන්න ඉන්දියාව සහ පාකිස්ථානය අතර තියෙන්නේ ලොකු තරඟයක්. දේශපාලනයේදී වගේම ක්‍රිකට් පිටියටත් මේ තරඟය ඇවිත් තියෙනවා. ආසියානු කුසලානයේ ඉන්දියාව සහ පාකිස්ථානය අතර තරඟය ඊයේ පැවැත්වුණා.

කාසියේ වාසිය දිනා ගත්ත පාකිස්ථානය මුලින්ම ලකුණු රැස් කරන්න පිටියට ආවා. පාකිස්ථාන ආරම්භක පිතිකරුවන්ට වැඩි වෙලාවක් පිටියේ ඉන්න අවසර ලැබුණේ නෑ. බාබර් අසාම් ලකුණු 47 යි. ෂොයිබ් මලික් ලකුණු 43 යි.

වෙනත් කිසිම පිතිකරුවෙක්ට සාර්ථක වෙන්න ඉන්දීය පන්දු යවන්නන් අවස්ථාව දුන්නේ නෑ. බුවනේශ්වර් කුමාර් සහ ජාදව් කඩුලු 3 බැගින් දවා ගත්තා. පාකිස්ථානයට සියලු දෙනාම දැවී ලකුණු 162 ක් විතරයි ලබා ගන්න පුළුවන් වුණේ.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දියාව කඩුලු 2 ක් දැවී ජයග්‍රහණය ලබා ගත්තා. ඒ පන්දුවාර 31 ක් ඉතිරිව තිබියදී. නායක ශර්මා වේගවත් ලකුණු 52 ක් රැස් කරා. ඔහුගේ ඉනිමට 4 පහර 6 ක් සහ 6 පහර 3 ක් ඇතුලත් වුණා. ධවාන් ලකුණු 46 යි. රයුදු සහ කාර්තික් නොදැවී ලකුණු 31 බැගින් ලබා ගත්තා.


News Articles
Latest Videos
Most Popular Post