ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයට දෙපාරක්ම තේරී පත්වුන ක්‍රීඩකයෙක් තමයි ඇන්ජලෝ මැතිව්ස්. හැබැයි පහුගිය අවුරුදු කිහිපයේ ඔහුගේ නායකත්වය සාර්ථක වුණේ නෑ.
මැතිව්ස්ගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකාව සිම්බාබ්වේ කණ්ඩායමට, බංගලාදේශයට වගේම ඇෆ්ගනිස්ථානයටත් පරාජය වුණා. ආසියානු කුසලානයේ ලද පරාජයෙන් පසු මැතිව්ස්ට නායකත්වයෙන් ඉවත් වෙන්න කියලා තේරීම් කමිටුව පහුගිය 21 වෙනිදා දැනුම් දීලා තියෙනවා. ඒ අනුව ඊයේ ක්‍රිකට් ආයතනයට ලිපියක් යවමින් ඔහු නායකත්වයෙන් ඉල්ලා අස්වුණා. මැතිව්ස් ගෙන් හිස්වන නායකත්වය දිනේෂ් චන්දිමාල්ට බාර දීලා තියෙනවා.
ආසියානු කුසලාන තරගාවලියේදී ලද පරාජයන්හි වගකීම තනි පුද්ගලයෙකු ලෙස තමන්ට පැවරෙන්නේ ඉන් නම් පුදුමයටත් වෙනවා කියලා මැතිව්ස් සඳහන් කරනවා. එය තමන්ව පාවාදීමක් විදියටයි මැතිව්ස් ලිපියේ සඳහන් කරලා තියෙන්නේ. ආසියානු කුසලානයේ ලද පරාජයේ වගකීම් වලින් කොටසක් තමන් භාර ගන්නා බවත් තීන්දු තීරණ ගැනීමේදී තේරීම් කමිටු නිලධාරින් සහ පුහුණුකරු ඇතුළුව අන්‍යොනය අවබෝධයකින් යුතුව සිදු කළ බව මැතිව්ස් ලිපියේ වැඩිදුරටත් සදහන් කරලා තියෙනවා.
ලෝක කුසලාන තරගාවලිය අතලග තිබියදී ගැටලු මග හැරීමට හෝ ඉන් ඉවත්ව යාමට තමන්ගේ කිසිදු බලාපොරොත්තුවක් නාඅ කියලයි මැතිව්ස් සඳහන් කරන්නේ. තමන්ගේ සේවය අවශ්‍ය නොවන්නේ නම් කණ්ඩායමට බරක් නොවී විශ්‍රාම යාමට සුදානම් කියලයි මැතිව්ස් ලිපියේ සඳහන් කරලා තියෙන්නේ.