News Line| Off Air| Games
Generic placeholder image

Sep
28

ආසියාවේ කිරුළ කාටද? සවිස්තරාත්මක වාර්තාව මෙන්න.

1123 Views


ආසියාවේ කිරුළ කාටද? සවිස්තරාත්මක වාර්තාව මෙන්න.

ආසියාවේ ක්‍රිකට් ශූරයන් තොරණ දවස අද. ආසියානු කුසලානයේ අවසන් මහා තරඟය අද ඩුබායි හිදී පැවැත්වෙනවා. ඒ ඉන්දියාව සහ බංගලාදේශය අතර. මෙවර ආසියාවේ ශූරයන් කවුරුන් වේවිද කියලා අපි හොයලා බැලුවා.

ආසියානු කුසලාන ඉතිහාසයේ දැවැන්තම කණ්ඩායම තමයි ඉන්දියාව. ඔවුන් 6 වරක් ශූරයන් වෙලා තියෙනවා. ඒ වගේම තුන්සැරයක් අනුශූරයන් වෙලා තියෙනවා. හැබැයි බංගලාදේශයට දෙවරක් අනුශූරයන් වෙන්න විතරයි අවස්ථාව ලැබුණේ. ඒ නිසා ඔවුන් මෙවර හොඳින් හෝ නරකින් ශූරතාවය දිනා ගන්න උත්සාහා කරනවා.

මෙවර තරඟාවලියේ අපරාජිත කණ්ඩායම විදියට ඉන්දියාව ඉදිරියෙන් සිටිනවා. හැබැයි ඔවුන් ඇෆ්ගනිස්තය සමඟ තිබ්බ තරඟය ලකුණු සම වුණා. බංගලාදේශය මූලික වටයේදී ඇෆ්ගනිස්ථානයට පැරදුණා. ඒ වගේම සුපිරි 4 දෙනාගේ වටයේදී ඉන්දියාවට පරාජය වුණා.

බංගලාදේශය හා ඉන්දියාව මීට කලින් එක්දින තරඟ 34 කදී මුණගැහිලා තියෙනවා. ඉන් තරඟ 28 ක් ම ජයග්‍රහණය කරන්නේ ඉන්දියාව. බංගලාදේශයට තරඟ 5 කදී ජය හිමිකර ගෙන තියෙනවා. මේ රටවල් දෙක අන්තිමට මුණගැහුන තරඟ 5 දී ඉන්දියාව තරඟ 3 කුත් බංගලාදේශය තරඟ 2 කුත් ජයග්‍රහණය කරලා තියෙනවා.

අවසන් වරට 2016 දී පැවැත්වුන පන්දුවාර 20 ආසියානු කුසලානයේදී අවසන් මහා තරඟයට සුදුසුකම් ලැබුවේ ඉන්දියාව සහ බංගලාදේශය. එහිදී කඩුලු 8 ක ජයක් ලබා ගෙන ආසියාවේ කිරුළ දිනා ගන්න ඉන්දියාව සමත් වුණා.

අද තරඟයේදී රෝහිත් ශර්මා ඉන්දීය කණ්ඩායමට නායකත්වය ලබා දෙනවා. මෂ්රෆි මොටාසා බංගලාදේශ කණ්ඩායම මෙහෙයවනවා. කොහොං වුනත් අද තියුණු තරඟයක් බලා ගන්න ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ට අවස්ථාව ලැබේවි. මොකද ආසියාවේ කිරුල තවදුරටත් රැක ගන්න ඉන්දියාව සටන් වදිද්දී පළවෙනි ආසියානු ශූරතාවය දිනා ගන්න බංගලාදේශය සටන් වදිනවා.


News Articles
Latest Videos
Most Popular Post