එංගලන්තය සහ ශ්‍රී ලංකාව අතර එක්දින තරඟාවලිය මේ මාසේ 10 වෙනිදා ආරම්භ වෙනවා. ශ්‍රී ලංකා තරඟ සංචාරයට සහභාගී වෙන එංගලන්ත ක්‍රීඩකයින් පිරිසක් අද අලුයම ලංකාවට ආවා.
ජෝෂ් බට්ලර්, මොයින් අලී, මාක් වුඩ්, ක්‍රිස් වෝක්ස් හා ලියම් ප්ලන්කට් මේ විදියට ලංකාවට පැමිණි ක්‍රීඩකයන්. තරඟාවලියට සහභාගී වෙන අනිත් එංගලන්ත ක්‍රීඩකයින් අද හවස 3.45 ට දිවයිනට පැමිණෙන්න නියමිතයි.
රටවල් 2 අතර එක්දින තරඟ 5 ක්, T20 තරඟයක් සහ ටෙස්ට් තරඟ 3 ක් පැවැත් වෙනවා. ලබන 10 වෙනිදා ඉඳලා 23 වෙනිදා දක්වා එක්දින තරඟාවලිය පැවැත් වෙනවා.