News Line| Off Air| Games
Generic placeholder image

Oct
1

වැඩිය පේන්න නැති හේතුව අනූෂා දමයන්ති හෙළිකරයි.

834 Views


වැඩිය පේන්න නැති හේතුව අනූෂා දමයන්ති හෙළිකරයි.

ලොවෙන් එකෙක් එක් දෙයකට වෙයි සමත කියනවානේ. හැබැයි ඉතිං ඒ කියමන බොරු කරපු අයත් ඕනෑ තරම් මේ ලෝකයේ ඉන්නවා. අනුෂා දමයන්ති කියන්නේ ඒ වගේ කෙනෙක්. ඇය දක්ෂ රංගන ශිල්පිනියක්, ගායිකාවක් වගේම ඇති දක්ෂ නර්තන ශිල්පිනියක්.

හැබැයි ඇය මේ දවස්වල වැඩිය පේන්න දකින්න නෑ. ඒකට හේතුව ඇය සති අන්ත පුවත්පතකට කියලා තිබ්බා. මේ තියෙන්නේ ඒ සංවාදය.

අනූෂා දැන් වැඩිය පේන්න නැහැ නේද? ඇයි මේ වැඩිය දකින්න නැත්තේ ?
වැඩිය දකින්න නැත්තෙත් නැහැ. මගේ චිත්‍රපට හතක් තියෙනවා තිරගත වෙන්න. ළගකදී මම සීතල යුද්ධය සහ අල්ලපු ගෙදර කියන චිත්‍රපට දෙකේ වැඩකළා. මම කොහොමත් වැඩිපුර වැඩකරන්නේ සිනමාවේ.

නාට්‍යවලින් එහෙමත් දකින්න නැහැ. ආරාධනා නැතිද?
නැහැ. ආරාධනා තියෙනවා. හැබැයි වැඬේ වෙලා තියෙන්නේ ගෙවීම් වලදී පොඩි පොඩි ප්‍රශ්න එනවා. මම හිතන්නේ අද තියෙන වාතාවරණය එක්ක අපි ඉල්ලන මුදල් ඔවුන්ට ගෙවන්න බැරිව ඇති. ඉතිං ටෙලිනාට්‍ය වලට මගේ දායකත්වය කොහොමත් අඩුයි. හැබැයි හොද නිර්මාණයක් ලැබුණොත් මම මුදල් ගැන හිතන්නේ නෑ. ඊට වඩා නිර්මාණයේ වටිනාකමක් දැනුනොත් භාරගන්නවා.

අනූෂාට තියෙන වටිනාකම අඩුවෙලාද?
නැහැ. මට කවදාවත් එහෙම වුණේ. මම හරි වාසනාවන්තයි. ක්‍ෂේත්‍රයට ආපු කාලේ ඉදන් මම හිතන්නේ වටිනාකම් ලැබුණා. මේ වෙනකොට මට රියැලිටි වැඩසටහන් දෙකකට ආරාධනා ලැබුණා. මේ අවුරුද්දේ මම ඒ රියැලිටි වැඩසටහන් දෙකටම සහභාගි වුණේ නැහැ. මම හිතනවා එක දිගටම (2015- 2016-2017) අවුරුදු තුනක් මම රියැලිටි වැඩසටහන්වල හිටියා. ප්‍රේක්‍ෂකයෝ හිතයි අනූෂා රියැලිටි වලට කොටුවෙලා කියලා.

ඇයි මේ රියැලිටි එපා කිව්වේ ?
මම රියැලිටිවලට හරි ආසයි කැමැතියි. මම හිතුවා එකදිගටම රියැලිටිවලට ඉන්නකොට ප්‍රේක්‍සකයන්ට මාව එපාවෙයි කියලා. ඉතිං ඒක නිසා තමයි භාර ගත්තේ නෑ. රියැලිටිවලට පොඩි විවේකයක් දෙන්න ඕනෑ. ඒක හින්දා රියැලිටිවලට පොඩි විරාමයක් තිබ්බා.

ඒක අපරාධයක් කියලා හිතෙන්නේ නැතිද?
නැහැ. මම එහෙම හිතන්නේ නැහැ. මම එහෙම හිතුවේ ආදරණීය ප්‍රේක්‍ෂකයෝ නිසාමයි. එක දිගටම කවුරු හරි කෙනෙක්ව දකිනකොට මිනිස්සුන්ට වුණත් එපා වෙනවානේ. ඉතිං මම හිතුවා අවුරුද්දක් විතර විවේකයක් අරගෙන නැවත එනකොට මගේ නැවුම්බවක් දකීවි. අලූත් අදහසක් එක්ක අලූත් දෙයක් කරන්න පුළුවන්වේවි කියලා.

නර්තන හැකියාවට මොකද වුණේ ?
නර්තන හැකියාව එදා වගේමයි. තව තවත් දියුණු වෙලා කියලා.

ඒ දේවල් දැන රසිකයන්ට දකින්න ලැබෙන්නේ නැහැනේ ?
දකින්න ලැබෙන්නේ නැහැ කියන කතාව බොරුවක්. මම ප්‍රසංගවලට සහභාගිවෙනවා. ප්‍රේක්‍ෂකයන්ට ඒ අවස්ථාවලදී මගේ නර්තන හැකියාව දැකගන්න පුළුවන්වෙනවා. රියැලිටි වැඩසටහන්වලට සහභාගි නොවුන හින්දා මගේ නර්තන හැකියාවන් දකින්න ලැබෙන්නේ නැහැ. නැතිනම් මගේ නර්තන හැකියාවන් සිනමාවෙන් තමයි දකින්න පුළුවන්වෙන්නේ.

අනූෂාටම කියලා නර්තන කණ්ඩායමක් පටන්ගත්තොත් ?
ඒකට නම් ගොඩක් කල් ඉදන් මට ගොඩක් දෙනෙක් කතා කරනවා. මට පොඩි අදහසක් ඇවිත් තියෙනවා ඩාන්සින් ඇකඩමි එකක් පටන්ගෙන පොඩි නර්තන කණ්ඩායමක් මෙහෙයවන්න. ඉතිං මේ දවස්වල ඒ ගැන කතාබහක යෙදෙමින් ඉන්නවා.

ඒ කියන්නේ අනූෂාගෙන් ළගදීම නර්තන කණ්ඩායමක් කළඑළි බසිනවා ?
ඔව්. මේ අවුරුද්දේ සැලසුම් කරලා. ලබන වසරේ එළිදක්වන්න සූදානමින් ඉන්නවා.

අනූෂා නර්තන කණ්ඩායමක් පටන්ගත්තොත් ගොඩක් නර්තන කණ්ඩායම්වලට අභියෝගයක් වේවිනේද?
අනේ මම එහෙම හිතන්නේ නෑ. අභියෝගයක් කරන්න අවශ්‍ය නෑ. නිර්මාණ කරන්නයි ඕනෑ. නිර්මාණය අනෙක් අයට කොහොම දැනේවිද කියන්න මම දන්නේ නෑ. ඒත් කවුරුවත් කාවත් කඩාගෙන බිදගෙන යන්න වුවමනාවක් නෑ.

දැන් මේ දේවල්වලින් ඈත්වෙලා පුද්ගලික ජීවිතය ගැන හිතන්න කාලය ඇවිත්නේද?
පුද්ගලික ජීවිතය ගැන හිතන්න කාලය ඇවිත් තමයි. මගේ විවාහය අවුරුද්දෙන් අවුරුද්ද සමහරවෙලාවලදී කල්ගියා. ඒකත් වුණේ මගේ වෘත්තිය නිසාමයි. ලබන අවුරුද්දේ නම් අනිවාර්යයෙන්ම විවාහ වේවි. දැන් අම්මා කලබල කරනවා විවාහ වෙන්න කියලා.

අනූෂා දැන් පෙම්වතියක් ?
ඔව්, ඔව්, දැන් පෙම්වතියක්.

ඔහු ගැන මාධ්‍යයට කියන්න බැරිද?
අනේ එයා ගැන නම් දැන්ම මාධ්‍යයට කියන්නේ නෑ.

-දිනේෂ් විතාන-


News Articles
Latest Videos
Most Popular Post