News Line| Off Air| Games
Generic placeholder image

Oct
1

ලංකාවේ කාලගුණයත් නපුරු වෙයි. 

1096 Views


ලංකාවේ කාලගුණයත් නපුරු වෙයි. 

දිවයිනේ ප‍්‍රදේශ රැසකට ඉදිරි පැය කිහිපයේදී මිලිමීටර 150 දක්වා වන තද වැසි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සදහන් කළේ දිවයින ආසන්න පහල වායු ගෝලයේ හටගෙන ඇති කැළඹිලි ස්වාභාවයක් හේතුවෙන් එම තත්වය ඇති වන බවයි.
මධ්‍යම ඌව සබරගමුව බස්නාහිර දකුණ සහ වයඹ යන පළාත් වලට එලෙස වැසි ඇති විය හැකියි. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කලේ වැසි අධික කාලගුණ තත්වය ලබන 3 වනදා තෙක් අපේක්ෂා කෙරෙන බවයි.
ගිගුරුම් සහිත වැසි සමග තාවකාලික තද සුලං ඇති විය හැකි අතර අකුණු මගින් සිදුවන අනතුරු වලක්වා ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දී සිටිනවා.
ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය සදහන් කලේ පවතින වැසි සහිත කාලගුණයත් සමග කදුකර ප‍්‍රදේශවල නායයෑම් අවදානමක් පවතින බවයි. ඒ හේතුවෙන් එම ප‍්‍රදේශ වල ජනතාව නායයෑම් ලක්ෂණ සම්බන්ධයෙන් අවදානයෙන් පසුවිය යුතු වනවා.
මේ අතර අද පස්වරුවේ ඇද හැලූනු අධික වර්ෂාවත් සමග හැටන් කොළඹ ප‍්‍රධාන මාර්ගය හැටන් මල්ලිඅප්පුව ප‍්‍රදේශයෙන් යට වී තිබෙනවා. ඒ හේතුවෙන් එම මාර්ගය හරහා සිදු වන වාහන ගමනාගමන කටයුතු වලට බාධා එල්ල වී ඇති බවයි සියත හැටන් වාර්තාකරු සදහන් කලේ. ගත වූ පැය 24 තුල දිවයිනේ වැඩිම වර්ෂාපතනය කුකුලේගග ප‍්‍රදේශයෙන් වාර්තා වන අතර එය දැක්වෙන්නේ මිලිමීටර 137 ක් ලෙසයි.


News Articles
Latest Videos
Most Popular Post