News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
2

ක්‍රිකට් ලොක්කන්ට රථ ගාය.

1284 Views


ක්‍රිකට් ලොක්කන්ට රථ ගාය.

ක්‍රිකට් ආයතනය කියන්නේ සල්ලි උල්පතක්. ඒ නිසා තමයි ගොඩක් ලොකු ලොක්කෝ ක්‍රිකට් ආයතනයට කෙල හලන්නේ. ක්‍රිකට් වෙනවා කියන්නේ ඇමති කෙනෙක් වුනා වගේ තමයි.

කොහොම වුනත් ක්‍රිකට් ආයතනයේ ලොක්කන්ට හදිසියේම රථ ගාය හැදිලා කියලා ආරංචි වෙනවා. වාර්තා වෙන විදියට සුපිරි වාහන 4 ක් ක්‍රිකට් ආයතනයට ලැබිලා තියෙනවා. එයින් 2 ක් මේ වෙද්දී ලොක්කෝ දෙන්නෙක්ට දීලා. මේ නිසා අනිත් ලොක්කන්ගේ හිත රිදිලා කියලයි ආරංචි වෙන්නේ.

එයාලාට දෙනවා නම් අපිටත් ඕනේ කියලා අනිත් ලොක්කොත් ඉල්ලලා තියෙනවා. මේ නිසා ක්‍රිකට් ලොක්කන් අතරේ අර්බුදයක් ඇති වෙලා තියෙනවා. කොහොම වුනත් තව තවත් අලුත් සුපිරි වාහන ක්‍රිකට් ආයතනය පැත්තේ දකින්න ලබෙයි කියලයි ආරංචි වෙන්නේ.


News Articles
Latest Videos
Most Popular Post