News Line| Off Air
Generic placeholder image

Oct
2

පරිස්සමින්. අයහපත් කාලගුණය ලංකාවට බැට දෙන්න සූදානම් වෙයි.

1519 Views


පරිස්සමින්. අයහපත් කාලගුණය ලංකාවට බැට දෙන්න සූදානම් වෙයි.

දිවයිනේ ප‍්‍රදේශ රැසකට අදත් මිලිමීටර 100 ක් පමණ වනතද වැසි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. දිවයින ආසන්න පහල වායු ගෝලයේ හටගෙන ඇති කැළඹිලි ස්වාභාවයක් හේතුවෙන් තත්වය ඇති වෙලා තියෙනවා.

මධ්‍යම, ඌව, සබරගමුව, බස්නාහිර, දකුණ සහ වයඹ යන පළාත් වලට වැසි ඇති විය හැකියි. ගිගුරුම් සහිත වැසි සමග තාවකාලික තද සුළං ඇති වීමේ හැකියාවක් තියෙනවා. හෙට දිනය දක්වා තද වැසි තත්වය අපේක්ෂා කරන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කලේ.

ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය සදහන් කලේ පවතින වැසි සහිත කාලගුණයත් සමග කදුකර ප‍්‍රදේශවල නායයෑම් අවදානමක් පවතින බවයි. ඒ හේතුවෙන් එම ප‍්‍රදේශ වල ජනතාව නායයෑම් ලක්ෂණ සම්බන්ධයෙන් අවදානයෙන් පසුවිය යුතුයි.

ඒ වගේම ලංකාව අවට මුහුදු ප‍්‍රදේශයේ සුළගේ වේගය ක්ෂණිකව ඉහළ යා හැකි බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සදහන් කලේ මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා සහ පුත්තලම සිට මීගමුව දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප‍්‍රදේශ වල පැයට කිලෝ මීටර 70 ත් 80 ත් දක්වා තද සුළං ඇති කියලා.

මේ මොහොතේ ලංකාව අවට වායුගෝලයේ ස්වභාවය..


News Articles
Latest Videos
Most Popular Post