News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
2

ඉන්දුනීසියාවේ පොළව ආයෙත් හෙල්ලෙයි.

2309 Views


ඉන්දුනීසියාවේ පොළව ආයෙත් හෙල්ලෙයි.

ඉන්දුනීසියාව කියන්නේ භූමිකම්පා. සුනාමි වලට නිතර මුහුණ දෙන රටක්. පහුගිය සිකුරාදා ඉන්දුනීසියාවේ ප්‍රභල භූමිකම්පාවක් සහ සුනාමියක් ඇති වුණා. ඒ නිසා විශාල දේපළ හානියක් සිද්ධ වුණා.

අද අලුයමත් ඉන්දුනීසියාවේ භූමිකම්පාවක් සිද්ධ වුණා. ඉන්දුනීසියාවේ, සුම්බා දූපතේ වෙරළාශි‍්‍රතව මේ භූ කම්පනය සිදුවෙලා තියෙනවා. එහි ප‍්‍රබලත්වය රික්ටර් මාපාංක ඒකක 6 ක් ලෙස සටහන් වූ බවයි අමෙරිකානු භූ විද්‍යා සමීක්‍ෂණ ආයතනය පැවසුවේ.

කොහොම වුනත් මේ භූ කම්පනය නිසා සුනාමි අනතුරු ඇගවීමක් නිකුත් කරලා නෑ. භූ කම්පනයෙන් සිදුවූ ජීවිත හෝ දේපළ හානිද මෙතෙක් වාර්තා වී නෑ.


News Articles
Latest Videos
Most Popular Post