මේ දවස්වල රොකට් ඉන්ධන ගහලා වගේ ඩොලරයේ අගයුඅ ඉහළ යනවා. ඩොලරයට සෙකන්ඩ් වෙන්න බැරි නිසා බඩු මිලත් ඒ පස්සෙන්ම ඉහළ යනවා. ඊයේ ඒ තරඟයට තවත් කෙනෙක් එකතු වුණා. ඒ දුම්රිය ගාස්තු.
15% කින් තමයි දුම්රිය ගාස්තු වැඩි කරනවා කියලා රජය කිව්වේ. හැබැයි ඊයේ දුම්රියේ යන්න ටිකට් ගන්න ගියාම මඟීන්ට පෙනුනේ රජයට ගණන් වැරදිලා කියලා. මොකද එක එක දුර වලට එක එක ප්‍රතිශත වලින් මිල වැඩි කරලා තිබ්බ නිසා.
සමහර දුරවලට සීයයට 9. 10 වගේ ප්‍රමාණ වලින් වැඩි වෙලා තිබ්බා. තවත් සමහර දුර වලට සියයට 50 ක් දක්වා දුම්රිය ගාස්තු ඉහල නංවලා තියෙනවා. දුම්රිය ගාස්තු වැඩි කල අමුතු සූත්‍රය මොකද කියලා සියත FM ප්‍රවෘත්ති අංශය දුම්රිය දෙපාර්තමේන්තුවෙන් ඇහුවා.
දුම්රිය වාණිජ අධිකාරි එම් ජී ඉදිපොලගේ මහතා සදහන් කලේ කාසි මුදල් හිගය සැලකිල්ලට ගෙන මගීන්ගේ පහසුව සදහා රවුම් ගණන් එන විදියට දුම්රිය ගාස්තු වැඩි කරා කියලා. කිලෝමීටරයක දුරක් සදහා වන ගාස්තුව සියයට 15 දක්වා දමනවා. ඊට පස්සේ ආසන්න රුපියල් 5 හි අගයට වැටයීමක් කරනවා.