News Line| Off Air
Generic placeholder image

Oct
4

මවගේ ජීවිතය බේරා ගන්න සිංහයෙක් සමඟ සටන් වැදුන හිපපොටේමස් පැටියා. – Photo

1307 Views


මවගේ ජීවිතය බේරා ගන්න සිංහයෙක් සමඟ සටන් වැදුන හිපපොටේමස් පැටියා. – Photo

තමන්ගේ දරුවා වෙනුවෙන් අම්මා කෙනෙක්ට කරන්න බැරි කැපකිරීමක් නෑ. ඒ වගේම තමයි තමන්ගේ අම්මා වෙනුවෙන් දරුවෙක්ටත් කරන්න බැරි දෙයක් නෑ. අම්මා වෙනුවෙන් මුළු ලෝකයක් එක්කම වුනත් සටන් වදින්න පුළුවන් දරුවන් ඉන්නවා.

මිනිසුන් අතර විතරක් නෙවෙයි සතුන් අතරත් ඒ වගේ දරුවන් ඉන්නවා. මේ කියන්න යන්නේ ඒ වගේ කතාවක් ගැන. දකුණු අප්‍රිකාවේ කුගර් ජාතික වනෝද්‍යානයේ මද වගුරක හිපපොටේමස් මවක් එරිලා. මඩේ එරුණ තමන්ගේ අම්මව බේරා ගන්න කුඩා හිපෝ පැටියා ලොකු උත්සහයක යෙදෙනවා.

මේ අතරේ එතනට එන සිංහයෙක් හිපෝ මව ගොදුරු කර ගන්න හදනවා. මඩේ එරිලා ඉන්න තමන්ගේ අම්මාව දඩයම් කරන්න ආව සිංහයා එක්ක හිපෝ පැටියා සටන් වදිනවා. කොච්චර උත්සාහා කරත් අවසානයේ හිපපොටේමස් මව සිංහයාගේ ගොදුරක් වෙනවා. සිංහයාගේ ප්‍රහාරය නිසා තුවාල ලබපු හිපෝ පැටියාත් මිය යනවා.

මේ තියෙන්නේ ඒ සංවේදී ඡායාරූප කිහිපය..


News Articles
Latest Videos
Most Popular Post