News Line| Off Air
Generic placeholder image

Oct
5

රන්වීර් කපූර්ගෙ පියා රිශී කපූර්ට පිළිකාවක්?

741 Views


රන්වීර් කපූර්ගෙ පියා රිශී කපූර්ට පිළිකාවක්?

90 දශකයෙන් බිහි වුණ ජනප්‍රිය හින්දි නළුවෙක් තමයි රිශී කපූර් කියලා කියන්නෙ. හැබැයි මේ ආරංචිය නම් රිශීගෙ රසිකයින්ට එච්චර හොඳ ආරංචියක් නෙවෙයි. ඔහු පිළිකා රෝගයකින් පෙලෙන බවට රාවයක් පැතිරෙනවා. මේ නිසාම රිශී කපූර්ගෙ පුතා වන රන්වීර් කපූර් ප්‍රකාශයක් කර තිබෙනවා.

තම පියා වෛද්‍ය පරික්ක්ෂණ කිහිපයක් සඳහා ඇමරිකාවට යැවූ බව ඔහු පවසා තිබෙනවා. එම පරික්ක්ෂණ වලින් අනතුරුව එය පිළිකාවක්ද යන්න තීරණය කරන බව රන්වීර් ඉන්දියාවේ ප්‍රසිද්ධ වෙබ් අඩවියකට පවසා තිබුණා.

වෛද්‍ය පරීක්ෂණයකට ඇමරිකාවට පිටවන මොහොතේ රිෂී කපූර්ද සිය ටුවිටර් ගිණුමේ පණිවිඩයක් නිකුත් කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post