News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
6

ලොක්කන් නැති කල ගෞරවය රැක ගන්න ශ්‍රී ලංකා යෞවනයන් ආසියානු කුසලාන අවසන් මහා තරඟයට.

963 Views


ලොක්කන් නැති කල ගෞරවය රැක ගන්න ශ්‍රී ලංකා යෞවනයන් ආසියානු කුසලාන අවසන් මහා තරඟයට.

ආසියානු වයස අවුරුදු 19න් පහල එක්දින ක්‍රිකට් තරඟයට අද ශ්‍රී ලංකා යොවුන් ක්‍රිකට් කණ්ඩායම සමත් වුණා. ඒ අවසන් පූර්ව තරඟයේදී ඇෆ්ගනිස්ථානය ලකුනු 31කින් පරාජයට පත් කරමින්.

තරඟයේ පලමු පන්දුවට පහර දුන්නේ ලංක යොවුන් පිලයි. එහිදී ඔවුන් පන්දුවාර 50 ක් අවසානයේදී කඩුලු 7ක් දැවී ලකුණු 209ක් රැස්කළා.කඩා වැටුන පිල ගොඩනගමින් නුවනිදු ප්‍රනාන්දු ලකුණු 111ක් රැස් කලා. නායක නිපුන් ධනංජය ලකුණු 27 යි. ශෂික දුල්ෂාන් කඩුලු 4 ක් දවාගත්තා.

ඒ අනුව අවසන් මහා තරඟයට ශ්‍රී ලංකා ක්‍රිකට් පිල සුදුසුකම් ලැබුවා. මෙම තරඟය පැවැත්වෙන්නේ බංගලාදේශයේ ඩකා නුවරදීයි.


News Articles
Latest Videos
Most Popular Post