News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
7

ජාත්‍යන්තර පොලිසියේ ලොක්කා අතුරුදහන්.

939 Views


ජාත්‍යන්තර පොලිසියේ ලොක්කා අතුරුදහන්.

ලෝකයේ පොලිස් ලොක්කා ඇමෙරිකාව කිව්වට ලෝකෙටම බලපාන පොලීසියක් තියෙනවා. ඒ තමයි ජාත්‍යන්තර පොලීසිය. එහෙම නැත්නම් INTERPOL එක.

ජාත්‍යන්තර පොලිසියේ ප්‍රධානී චීන ජාතික මෙං හොංවෙයි අතුරුදහන් වෙලා තියෙනවා. සතියකට පෙර ප්‍රංශයේ පිහිටි ජාත්‍යන්තර පොලිස් මූලස්ථානයේ සිට චීනයට පිටත්ව ගිහින් තියෙනවා. හැබැයි ඊට පස්සේ ඔහු ගැන කිසිදු තොරතුරක් නෑ කියලා ඔහුගේ පවුලේ සාමාජිකයින් දැනුම් දීලා තියෙනවා.

මේ ගැන ප්‍රංශය විමර්ශනයක් ආරම්භ කරලා තියෙනවා. කොහොම වුනත් ඔහු ප්‍රංශය තුළදී අතුරුදන් වී නොමැති බවට AFP පුවත් සේවයට ප්‍රංශ විමර්ශකයින්ට සමීප මුලාශ්‍රයකින් තොරතුරු ලැබිලා තියෙනවා.

මෙං හොංවෙයි චීනයේ කොමියුනිස්ට් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකි. ඒ වගේම ඔහු ඔහු චීනයේ මහජන ආරක්ෂාව පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය ධුරය දරලා තියෙනවා.


News Articles
Latest Videos
Most Popular Post