ආසියාවේ යොවුන් ශූරයන් තෝරන මහා තරඟය පැවැත් වුණා. ඒ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර. තරඟය පැවැත්වුනේ බංගලාදේශයේ ශරේ බංග්ලා ක්‍රීඩාංගණයේදී.
කාසියේ වාසිය දිනා ගත්ත ඉන්දීය කණ්ඩායම මුලින්ම ලකුණු රැස් කරන්න පිටියට ආවා. පළවෙනි කඩුල්ලට ලකුණු 121 ක සබඳතාවක් ගොඩ නගන්න ජයිස්වාල් සහ අනුජ් සමත් වුණා. අනුජ් ලකුණු 57 යි. ජයිස්වාල් ලකුණු 85 යි.
අවසන් මොහොතේ වේගවත් ප්‍රහාරයක් එල්ල කරන්න සිම්රන් සහ බදෝනි සමත් වුණා. ඔවුන් දෙදෙනා 4 වන කඩුල්ලට නොබිදුනු ලකුණු 110 ක් රැස් කරා. සිම්රන් පන්දු 37 කදී ලකුණු 65 යි. ඒ 4 පහර 3 ක් සහ 6 පහර 4 ක් සමඟින්. බදෝනි පන්දු 28 කදී ලකුණු 52 යි. ඉන්දියාව පන්දුවාර 50 අවසානයේ කඩුලු 3 කට ලකුණු 304 ක් ගත්තා.
දැවැන්ත ඉලක්කයක් හඹා යන්න පිටියට ආව ශ්‍රී ලංකා පිතිකරුවන්ට සාර්ථක වෙන්න ඉන්දීය පන්දු යවන්නන් අවසර දුන්නේ නෑ. නිශාන් මදුශංක ලකුණු 49 යි. පසිඳු ලකුණු 31 යි. නවෝද් ලකුණු 48 ක් ලබා ගත්තා. අනිත් කිසිම ශ්‍රී ලංකා පිතිකරුවෙක්ට ලකුණු 10 සීමාව පහු කරන්න බැරි වුණා. ලකුණු 160 කට ශ්‍රී ලංකා ඉනිම අවසන් වුණා.
සුපිරි පන්දු යැවීමක නිරත වුන හර්ෂ් ත්‍යාගි කඩුලු 6 ක් දවා ගත්තා. තරඟයේ වීරයා සම්මානය දිනා ගන්නත් ඔහු සමත් වුණා.