News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
8

මාධ්‍යවේදියෙක් නිසා තුර්කිය සහ සෞදිය ඇවිලෙයි.

589 Views


මාධ්‍යවේදියෙක් නිසා තුර්කිය සහ සෞදිය ඇවිලෙයි.

තුර්කියයි සෞදි අරාබියයි කියන්නේ නයයි මුගටියයි වගේ. මොකක් හරි හේතුවක් අල්ලන් රණ්ඩු වෙන්නම තමයි බලන්නේ. මාධ්‍යවේදියෙක් නිසා ආයෙත් රටවල් අර්බුදයක් ඇති වෙලා තියෙනවා.

ඇමෙරිකාවේ වොෂිංටන් පෝස්ට් පුවත්පතේ මාධ්‍යවේදියෙකු හදිසියේ අතුරුදන්වීම තමයි මේ අර්බුදයට හේතු වෙලා තියෙන්නේ. සෞදි අරාබි ජාතික ජමාල් කශෝගී තුර්කියේ ස්ථාන්බුල් නුවර පිහිටි සෞදි කොන්සල් කාර්යයාලයේදී තියෙනවා.

තුර්කිය චෝදනා කරන්නේ ඔහුව ස්ථාන්බුල් නුවර පිහිටි සෞදි කොන්සල් කාර්යයාලයේදී ඝාතනය කරලා කියලා. සිය බිරිදගෙන් දික්කසාද වීමට අදාළ ලිපි ලේඛන ලබා ගැනීම සදහා ඔහු සෞදි කොන්සල් කාර්යාලයට ගිහින් තියෙනවා. ඔහුගේ වත්මන් තුර්කි පෙම්වතිය පවසන්නේ තමන් පැය 11 ක් පුරා සෞදි කොන්සල් කාර්යාලය ඉදිරිපිට බලා සිටිය ද ඔහු නොපැමිණි බවයි.

කොහොම වුනත් සෞදිය ප්‍රතික්ෂේප කරනවා. මාධ්‍යවේදියා සොයා තමනුත් පරීක්ෂණ කරනවා කියලයි සෞදි රජය ප්‍රකාශ කරන්නේ.


News Articles
Latest Videos
Most Popular Post