News Line| Off Air
Generic placeholder image

Oct
8

එංගලන්තයේ හෝඩි පොතට සිංහල ජන කතාවක්

2208 Views


එංගලන්තයේ හෝඩි පොතට සිංහල ජන කතාවක්

අපේ දේවල් අපිට අගයක් නැති වුණාට පිටරට අයට නම් අපේ දේවල් හරියට වටිනවා. ඒකට සාක්ෂි ඉතිහාසයෙ ඉදන් මේ වෙනකන් දෙන්න පුළුවන්.මේ කියන්න යන්නෙත් එහෙම අපිට අගයක් නැති වුණාට අපේ දේ අගයපු සිද්ධියක් ගැන.

අපේ රටේ ජනකතා සාහිත්‍යය අනිත් රටවල් වල ඒවට දෙවෙනි නෑ. අද වෙනකොට ලංකාවෙ ලමයින් මේ දේවල් වලින් ඈත් වීගෙන යනවා. ඒකට හේතුව නිසි වටිනාකමක් ජනකතා වලට අද නොලැබිලා තියෙන නිසයි.

ලංකාවෙ අධ්‍යාපනය ඇතුලෙ ජනකතා වලට ඒ තරම් වැදගත්කමක් හිමි වුණේ නැති වුණත් එංගලන්තෙ පාසල් වල හෝඩි පොතට ලංකාවෙ ජනකතාවත් ඇතුළත් කරලා තියෙනවා. මේ ගැන අපට කිව්වෙ ශ්‍රී ලංකාවෙ ජනශ්‍රැති පිළිබඳව පර්යේෂකයකු හා දේශකයෙකු වන දර්ශනපති මහින්ද කුමාර දළුපොත මහතා.

ඒ මහතා ,

”ලංකාවෙ අපිට ජනකතා ගොඩක් තියෙනවා. එදා මේ ජනකතා දරුවන්ට කියලා දුන්නෙ ගෙදර ආච්චිලා සීයලා . අද මේ රටේ දරුවන්ට එදා වගේ කතා අහන්න ලැබෙන්නෙ නැහැ. ජනකතා වලින් දරුවන්ට ඉගනගන්න ගොඩක් දේවල් තියෙනවා. ඒක නිසා පාසලේ අධ්‍යාපනයට ඒවා ඉගැනිවීම සැලැස්වීම වැදගත්. අයින්ස්ටයින් එකපාරක් කියලා තියෙනවා එයාට සිතීමේ ශක්තිය ඇති වුණේ පොඩි කාලෙ කියවපු සුරංගනා කතා නිසා කියලා”

ලෙස කියා සිටියා.


News Articles
Latest Videos
Most Popular Post