News Line| Off Air
Generic placeholder image

Oct
9

බෙංගාල බොක්කත් කැළඹෙයි. මහා වැසි වැඩි වෙයි.

1137 Views


බෙංගාල බොක්කත් කැළඹෙයි. මහා වැසි වැඩි වෙයි.

දවස් දෙක තුනක ඉඳන් තියෙන වැස්ස තාමත් නවතින පාටක් පේන්න නෑ. මහ වැසි නිසා ජලාශ කිහිපයක්ම වාන් දමන්නත් පටන් අරං. ඒ වගේම ගංගා පිටාර මට්ටමට තියෙනවා.

අරාබි මුහුදේ ඇතිවුන සුළි සුළං තත්වය ලංකාවෙන් ඈතට ගමන් කරනවා. හැබැයි අලි මදිවට කොටි කියන්න වගේ බෙන්ගාල බොක්කේ ගැඹුරු පීඩන අවපාතයක් ඇති වෙලා තියෙනවා. අද අලුයම 2.00 වෙද්දී මේ ගැඹුරු පීඩන අවපාතය උතුරු අක්ෂාංශ 14.3 සහ නැගෙනහිර දේශාංශ 87.5 ආසන්නව ස්ථානගතව තියෙනවා.

ඒ අනුව එය ත්‍රීකුණාමලය සිට කිලෝමීටර් 950ක් පමණ දුරින් ස්ථානගතව ඇති බවයි පේන්නේ. මේ නිසා ලංකාවේ වැසි තත්වය වැඩි වෙන්න පුළුවන්. බස්නාහිර, වයඹ, මධ්‍යම සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.

වයිනේ සෙසු පළාත්වල සවස් කාලයේ වැසි ඇති වීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම බස්නාහිර, මධ්‍යම, වයඹ සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 150ට වැඩි ඉතා තද වැසි ඇති වෙන්න පුළුවන්.ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තද සුළං ද ඇති වෙනවා.


News Articles
Latest Videos
Most Popular Post